Chitika Smowtion 468x60


Friday, March 16, 2012

මෛත‍්‍රීට එරෙහිව ජනපතිගේ මඩ ප‍්‍රහාරය තීව්‍ර වේ


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පුවත්පත් වාර්තා පළකරන ලෙස ජනාධිපතිවරයා දුන් නියෝගය මත, රාජ්‍ය මාධ්‍ය ආයතන පවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුර්වලතා දිනපතා හුවාදක්වමින් ප‍්‍රවෘත්ති හා විශේෂාංග පළකිරීමටත් රජයේ රූපවාහිනී ආයතන හරහා එවැනි ප‍්‍රවෘත්ති විසිරුවා හැරීමටත් දිගින් දිගටම කටයුතු කරමින් සිටී.



මෛත‍්‍රීපාල අමාත්‍යවරයාගේ දේශපාලන ප‍්‍රතිරූපය හෑල්ලූවට ලක්කොට, ඔහුව සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වටපිටාවක් ජනාධිපතිවරයා වෙත සකසා දීමේ මූලික අරමුණින් යුතුව මෙම මාධ්‍ය මෙහෙයුම ක‍්‍රියාත්මක වෙමින් තිබේ.

එසේම මෛත‍්‍රීපාල අමාත්‍යවරයාගේ මාධ්‍ය උපදේශක නිව්ටන් ගුණරත්න මහතා විසින් යොමුකරන කිසිදු ප‍්‍රවෘත්තියක් පළ නොකරන්නැයි අතිරේක ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා විසින් මාධ්‍ය ආයතන කිහිපයකටද දැනුම්දී තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends