ඒ කවරේදයත් ශ්‍රී ලංකා මහබැංකුව තමන්ට 0.05% යටතේ අවම පොලියකට නෝර්වේජියානු (නෝර්වේ, ස්වීඩන් සහ පින්ලන්ත) මධ්‍යම බැංකු විසින් ‘ශ්‍රී ලංකාවේ දිළිදුකම පිටුදැකීම’ සඳහා ලබාදී ඇති ඩොලර් මිලියන ගණනක් ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයාගේ උපදෙස් මත 8% ක 9% ක වාර්ෂික පොලී අනුපාතයකට මූල්‍ය වෙළද පොල වෙත මුදාහැරීම මගිනි.
මහබැංකු අධිපතිවරයා විසින් මෙසේ මෙම ඩොලර් මිලියන ගණන මූල්‍ය වෙළද පොල වෙත මුදාහැර ඇත්තේ ඔහුගේ ගජමිතුරාවන අජිත් දේවසුරේන්ද්‍ර මහතාට අයත් ‘තැප්‍රෝබේන් ඉන්වෙස්ට්මන්ට්’ සමාගම හරහාය. මෙම ‘තැප්‍රෝබේන් ඉන්වෙස්ට්මන්ට්’ සමාගමේ අනික් හවුල්කරුවන් වන්නේ LOLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වන ඉෂාර නානායක්කාර සහ ‘ලංකාබෙල්’ සමාගමේ හිටපු අයිතිකරු ශන්කර් යන මහත්වරුන්ය.
‘තැප්‍රෝබේන් ඉන්වෙස්ට්මන්ට්’ සමාගම අදාල මුදල් 2% ක ලාභ තීරුවක් තබාගෙන LOLC සමාගමට නැවතත් ණයට දී ඇති අතර එම සමාගම එම මුදල් 16% සිට 36% දක්වා වාර්ෂික පොලී අනුපාතයකට ණයට දෙනු ලැබේ.
තමන් විසින් ශ්‍රී ලංකා මහබැංකුවට, ශ්‍රී ලංකාවේ දිළිදුකම පිටුදැකීම සඳහා ණයට ලබාදුන් මුදල්, ශ්‍රී ලංකා මහබැංකුව විසින් කවර ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේදැයි යන්න පිළිබදව වාර්තාවක් නෝර්වේජියානු මහබැංකුව විසින් කැඳවා ඇති අතර, මහබැංකු අධිපතිවරයා මේ වනවිට ඒ සඳහා දියහැකි පිලිතුරක් නොමැතිව කල්මරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
ශ්‍රී ලංකා මහබැංකු ඉතිහාසයේ ඉතාමත් අදූරදර්ශී මහබැංකු අධිපතිවරයා ලෙස සැලකෙන අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඉල්ලූම සහ සැපයුම මත ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය තීරණය වන්නට ඉඩ නොදී, විදේශ සංචිත දියකර හරිමින් එය කෘතිමව පවත්වාගෙන යමින් සිට පසුගිය මාසයේ වෙළද පොල ඉල්ලූම මත එය තීරණය වන්නට ඉඩ හැරීමෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් බිලියන 282 ක විශාල අලාභයක් සිදුකිරීමෙන් වාර්තාවක් පිහිටුවා තිබේ.
දැනට ඇමරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 124.60 ක් ගෙවිය යුතු අතර එය සිංහල අලූත් අවුරුදු කාලසීමාව වනවිට රුපියල් 130 දක්වා ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයින්ගේ මතයයි. එය මේ වසර අගවන විට රුපියල් 140 ත් 150 ත් අතර අගයක පැවතීම නොවැලැක්විය හැකි කරුණක් බව එකී විශේෂඥයින්ගේ අදහස වේ.
Source - lankanewsweb.com