Chitika Smowtion 468x60


Monday, May 14, 2012

පොලිස් පරීක්‍ෂක ඩග්ලස් නිමල්ගේ ඝාතනයට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද?


2006 වසරේ අපේ‍්‍රල් මස 25 වන දින පෙරවරු 8.35 ට මාලඹේ අතුරුගිරිය ප‍්‍රදේශයේ තම පෞද්ගලික වෑන් රථයේ ගමන් කරමින් සිටියදී, නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද,
බොරැල්ල පොලිසියට අනුයුක්තව පිහිටා තිබූ විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය භාරව සිටි පොලිස් පරීක්‍ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳගේ ඝාතනයට වගකිවයුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස, වයඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාව හඳුනාගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත සැල කර සිටී.
එවකට මධ්‍යම කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටි පූජිත ජයසුන්දර මහතා, ඔහුගේ නියෝගයන් පිළිපැදීම මග හරින පොලිස් පරීක්‍ෂක නිමල් ඩග්ලස් සමඟ බද්ධ වෛරයෙන් පසු වී ඇත. දිගින් දිගටම නිමල් ඩග්ලස් පූජිත ජයසුන්දර හා ගැටීම නිසා මෑත කාලයේ ඝාතනයට ලක් වූ ‘කටා රොෂාන්’ සමග එකතු වී මෙම ඝාතනය සිදු කළ බවට තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී.
එම වකවානුවේ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල ආධාරකරුවෙකු ලෙස රජයේ බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති පූජිත ජයසුන්දර මහතා, කිසියම් වේලාවක හෝ කොටු කර ගැනීමට මාන බලමින් සිටි ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉහත සිද්ධිය සිදු වූ පසු නියෝජ්‍ය පොලිස්පතිවරයාව තමන්ට රිසි පරිදි අල්ලේ නැටවීමට සමත් වී තිබේ. තමන් කියන ආකාරයට කටයුතු කළ හොත් මෙම ඝාතන සිද්ධිය යටපත් කිරීමට හැකි බව ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා පූජිත ජයසුන්දර මහතාට පවසා තිබේ.
පොලිස් පරීක්‍ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් බල අපරාධ ලේඛන 157/2006 යටතේ වාර්තා කොට ඇති අතර, සිද්ධිය පිළිබඳව කඩුවෙල මහේස්ත‍්‍රාත් උසාවියට බී5462/2006 යටතේ කරුණු වාර්තා කොට තිබේ.
මෙම නඩුව වසර 06 කට පසු පසුගියදා සැකකරු නොදන්නා අපරාධයක් වශයෙන් නම් කොට ‘සී3 අක්‍ෂර ගත කොට’ නඩු ගොනුව වසා දමා තිබේ. අද වන විට මෙම ද්විත්ව ඝාතන නඩුවේ ප‍්‍රධාන ආධාර හා අනුබල සැපයූ පුද්ගලයා වන පූජිත ජයසුන්දර වයඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටී. අද ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබල ආධාරකරුවෙකි.
පසුගියදා පැවැති පූජිත ජයසුන්දර මහතාගේ මෑණියන්ගේ අවමඟුල් උළෙල පවා සිදුවූයේ රාජ්‍ය අනුග‍්‍රහ සහිතවය. හෙට අනිද්දාම ජනාධිපතිවරයා විසින් පූජිත ජයසුන්දර මහතාව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ආසන සංවිධායක ධූරයකට පත් කිරීමට නියමිතය. පොලිස් පරීක්‍ෂක ඩග්ලස් නිමල් ඝාතනය සදාකාලික අභිරහසක් වනු ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends