Chitika Smowtion 468x60


Monday, May 14, 2012

රදලියගොඩ නැවතත් පොලිස් දැලෙන් රිංගයි ?


පෙරේදා (12) පෙරවරු 10.20ට නුගේගොඩ මිරිහානේ පිහිටි කොළඹ දිසාව, බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා හමුවීමට පැමිණ ඇති දැනට විවෘත වරෙන්තු යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිත ස්වාධීන රූපවාහිනී මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ සහ තවත් පුද්ගලයකු දීර්ඝ වේලාවක් නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිට ඇත.
මෙසේ දීර්ඝ වේලාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකයේ (SCIB) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එස්.ඩී. කරුණාරත්න මහතා ගෙන්වා කිසිදු හේතුවකට සුදර්මන් රදලියගොඩව අත් අඩංගුවට නොගන්නා ලෙසට නියෝග කර තිබේ.
විශේෂ වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සුදර්මන් රදලියගොඩට නිකුත්කර ඇති වරෙන්තුව සම්බන්ධයෙන් මේ අවස්ථාවේ දී කරුණු දක්වා ඇති අතර නඩුව කැඳවන ඊළඟ දිනයේදී රදලියගොඩව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වුවහොත් කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි ක්‍රියාමාර්ගයකට යාම නොවැලැක්විය හැකි බව දන්වා තිබේ.
එම අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නයක් නොවන ආකාරයට හැසිරවීමට තමන් භාර ගන්නා බවයි. එසේ පැවසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා විශේෂ වංචා ඒකකයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයෙන් පිටත් කර යවා ඇති අතර තවත් සෑහෙන වේලාවක් සුදර්මන් රදලියගොඩ සහ ඔහුගේ මිතුරා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිට ඇත.
මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරීන් පවසා සිටින ආකාරයට, නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා සුදර්මන් රදලියගොඩ අත්අඩංගුවට ගැනීමෙන් වලකින ලෙස නියෝග කිරීමට හේතු වී ඇත්තේ රදලියගොඩ මගින් නුගේගොඩ පාගොඩ පාරේ පිහිටා තිඛෙන ඉඩමක් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නමට ලබා ගැනීමට කටයුතු කරමින් තිඛෙන බැවිනි.
රදලියගොඩ සමඟ පැමිණි ඔහුගේ තැරැව්කාර මිතුරා පළාතේ දේශපාලනඥයන් සමඟ ඉතා හොද සමීප සම්බන්ධතාවයක් පවත්වන හොර බඩු ජාවාරම්කරුවෙකු බවට ප්‍රකට අයෙකි. සොර බඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් විවිධ උසාවි වලින් එම තැනැත්තාට විරුද්ධවත් විවෘත වරෙන්තු නිකුත් කොට ඇති අතර සෑම අවස්ථාවකදීම ඉහළ පොලිස් නිලධාරීන් මාර්ගයෙන් එම සිද්ධි යටපත් කිරීමට සමත් පුද්ගලයකි.

Source - lankanewsweb.com

Share this article with your friends