Chitika Smowtion 468x60


Monday, May 14, 2012

අන්ත්‍රාවයි..! ඔබේ දරුවා බිලිපූජාවෙන් බේරාගන්න


බිලිපූජාවන්ට දරුවන් පැහැර ගැනීමට ආ සුදුවෑන් මිනීමරුවන්ගෙන් පරස්පර කතා: අන්ත්‍රාවයි..! ඔබේ දරුවා බිලිපූජාවෙන් බේරාගන්න.

වාලච්චේනේදී බිලිපූජා සඳහා දරුවන් පැහැර ගැනීමේ සිද්ධියේ වැඩිදුර තොරතුරු 
අප වෙත වාර්තා වේ. මෙම තොරතුරු දැඩි ලෙස ප්‍රශ්නකාරී වේ.

පැහැර ගැනීමට තැත් කළ දරුවා වයස අවුරුදු 14 ක් වන අෂ්රොෆ් මොහොම්මදු අසිවිවහු කයිරාන් නමැති වාලච්චේන පල්ලිය පාරේ පදිංචි දරුවෙකි. මෙම දරුවා ආච්චි අම්මාගේ නිවසට පැමිණ සිටියදී එහි සිට කඩයට යෑමට පාරේ අයිනෙන් යද්දී අංක එන්.ඩබ්.-එන්.ඒ. 2918 දරණ කළු පැහැති නිසාන් හයිඒස් රථයකින් පැමිණි කණ්ඩායමක් දරුවාගේ කට වසා වෑන් රියට ඇද පිටුපස අසුනට උස්සා දමා ඇත. එවිටම රථයේ පිටුපස තිබූ ජනේලයක් විවෘත කර ගත් දරුවා ඉන් එළියට ඔළුව දමා කෑ ගසා තිබේ. ඒ සමගම පාරේ ගිය එම පවුලේ ඥාතියෙකු දරුවාගේ කෑ ගැසීම දැක ඔහුද කෑ ගසා අවට සිටි පිරිස් රැස් කරගෙන වෑන් රථයට පැන යාමට නොහැකි සේ අල්ලාගෙන තිබේ. එක් වරටම වෑන් රථය අද්දාගෙන යැමට නොහැකි වී තිබී ඇත්තේ ඔත්තු කරුවන් ලෙස සිටි දෙමළ ජාතිකයන් දෙදෙනා ඒ වන විට වෑන් රථයෙන් බැස සිටීමය.

වෑන් රියේ රියැදුරා ඇතුළු සිව් දෙනෙකු හිඳ තිබේ. රැස්වූ පිරිස වෑන් රියේ මිනීමරුවන්ට 'හොඳට සලකා' පොලීසියට බාර දී ඇත.

එසේ බාරදී ඇති සිව් දෙනා අතර සිංහල 2 ක් සහ දෙමළ 2 ක් වෙති. ඔවුන්ගේ නම් ගම් මෙසේය.

1. රියැදුරා - හේරත් මුදියන්සේලාගේ කුමාර හේරත් -වයස අවු. 32 යි. පබ්බත, කාක්ක පල්ලිය, හලාවත පදිංචිය වේ.
2. ජුවායප්පු කරුණලායාගේ චමිල් මධුශංක කරුණාතිලක -වයස අවු. 32 යි. සමගි උයන, පින්න ගොඩැල්ල වත්ත, උඩුබද්දාව පදිංචිය වේ.
3. රාසතුරෙයි පද්මනාදන් -වයස අවු. 36 යි. කල්මඩු, කල්කුඩා පදිංචිය වේ.
4. වල්ලිඅම්මා ජෙමිනි ගනේෂන් -වයස අවු. 31 යි. කල්මඩු, කල්කුඩා පදිංචිය වේ.

මොවුන් පොලීසියට දී ඇති කට උත්තර ඉතාමත් සැක කටයුතුය.

රියැදුරා වූ කුමාර හේරත් නමැත්තාට අයත් අක්කර ගණනක් විශාල ෆාම් දෙකක් දුම්මලසූරියේ සහ මාදම්පේ පොලිස් වසම් තුල තිබේලූ. ඒවායේ වැඩට සෙනග අවශ්‍ය නිසා මෙසේ දරුවන් අල්ලාගෙන යෑමට පැමිණි බව ඔහු පවසා තිබේ. ලමයි මේ පළාතෙන් අරගත හැකි යැයි ඔහුට පවසා ඇත්තේ ඔහුගේ මිතුරෙකු වන ගාමිණී ගුණරත්න නමැත්තාය. ගාමිණී ගුණරත්න ලෙස පෙනී සිට ඇත්තේ මෙහි 4 වන සැකකරු වන වල්ලිඅම්මා ජෙමිණි ගනේෂන් ලූ. ගාමිණී නම් තමාගේ යාලූවා වල්ලි අම්මා ජෙමිනි ගනේෂන් නම් දෙමළ ජාතිකයෙක් බව කුමාර හේරත් දන්නේ අද මෙසේ පොලීසියට හසුවීමෙන් පසුවලූ. ඔහු මෙතෙක්දැනගෙන සිටියේ ගාමිණී ගුණරත්න නම් සිංහල ජාතිකයෙක් ලෙසටලූ.

මේ සම්බන්ධ පැමිණිල්ල මැයි 13 දා පැය 14.25 ට ඕසීඅයිබී-118 සහ 115 ලෙස වාලච්චේන පොලීසිය විසින් සටහන් කර තිබේ.

පොලිස් වාර්තා අනුව මෙම කතා ඉතා බරපතල ලෙස සැකකටයුතුය. ෆාම් දෙකක අයිතිකරුවෙක් අවුරුදු 14 ක දරුවෙකු වැඩට තබා ගැනීම නීතිමය වරදක් බව නොදන්නවාද? ෆාම් දෙකක අයිතිකරුවෙක් එහි වැඩට මිනිස්සු අවශ්‍යය යැයි කියා ලමුන් පැහැර ගැනීමට තමා ම වාහනය රැගෙන හලාවත සිට වාලච්චේනේට රටේ ඒ කොනේ සිට මේ කොනට එනවාද? තමාට ලමයි දෙන්නම් කී ගාමිණී ගුණරත්න නමැත්තා දෙමළ ජාතිකයෙකු බව මේ වන තුරු ඔහු නොදන්නවා නම් රාසතුරෙයි පද්මනාදන් ගැනද කිසිවක් දැන සිටියේ නැති ද?

ඊයේ දිනයේම උදෑසන කල්ලඩි ප්‍රදේශයේදී වයස අවුරුදු 7 ක දරුවෙක් පැහැර ගැනීමට මෙම වාහනයම තැත් කෙළේ වයස අවුරුදු 7 ක දරුවාගෙන් ද ෆාම් එකේ වැඩ ගැනීමට ද? අවුරුදු 7 ක දරුවෙකුගෙන් ගත හැකි වැඩේ කුමක්ද?

ඊයේ දිනයේ ම වෙනත් කණ්ඩායමක් යාපනයේ කොකුවිල්හි වයස අවුරුදු 11 දරුවා පැහැර ගැනීමට තැත් කෙළේ ඇයි? ඔවුන්ද අසුවූවානම් ෆාම් වලට ළමයින් ගෙනියන්න ආවා යයි කියනු ඇත.

මෙය සාමාන්‍ය පැහැර ගැනීමක් ලෙස සලකා යට ගැසීමට මරාණ්ඩුව කටයුතු කරනු ඉර හඳ සේ විශ්වාසය.

නමුත් මේ සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය යුතුය.

ගෝඨාභයගේ අණ අනුව නිධන් හෑරීමට ඒඑස්පී ඩී.කේ.හෙට්ටිආරච්චි යටතේ එස්ටීඑෆ් භටයන් මහවිලච්චියට එවීමත් එය ප්‍රදේශවාසීන්ට හසුවීමෙන් පසු රජපක්ෂලා ඉන් ගැලවීමට නොයෙක් ප්‍රවාද ගෙතීය. එහි හොඳම ප්‍රවාදය නම් එස්ටීඑෆ් එකට අණ දිය නොහැකි පොලිස්පතිවරයා වගකීම බාරගැනීමයි. ඉන්පසු ගෝඨාභයගේ අද අංක එකේ ගෝලයා වී සිටින ටිරාන් හුලස්ගේ පුවත් පත හරහා නිධන් හෑරීමට රජයට අයිතියක් ඇතැයි පුරාවිද්‍යා වසවර්තී එල්ලාවල මේධානන්ද හරහා මතයක් ගොඩ නැගීමට උත්සාහ කිරීමයි.

බළලා මල්ලෙන් එළියට පැන කතාකරන පුරාවිද්‍යා වසවර්තියා අපූරු කතාවක් හුලස්ගේ පුවත් පතට කියයි. එනම් තමා පසුගිය පුරා වසර 4 ක් තිස්සේ නිධන් හා පුරා වස්තු ඇති ස්ථාන සෙවූ බවත්, ඊට ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ලැබුණු බවත් ය. එනම් නැගෙනහිර මුදාගත් සැනින්ම ඒ පළාත්වල නිධන් සොයා ඇත. ශ්‍රී ලංකාවේ නීතිය අනුව පුරා විද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයාගේ අනුමැතියකින් තොරව කිසිවෙකුට පුරා විද්‍යා ගවේෂණ කළ නොහැක. ඔහුටද එසේ අවසර දිය හැක්කේ මහාචාර්ය වරයෙකුගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන ගවේෂනයකට ය. අනෙක කිසිදු හමුදාවකට එවැනි ගවේෂන කිරීමටද නොහැක. කොමසාරිස් වරයාගෙන් අප කළ විමසුමකට පිළිතුරු ලෙස කීවේ එල්ලාවල මේධානන්ද කිසිදු ව්‍යාපෘතියක් ඉදිරිපත් කර නැති බවත් එනිසාම එවැනි කිසිදු නීත්‍යාණුකූල අවසරයක් ලබා දී නැති බවත් ය.

එල්ලාවල මේධානන්දට කිසිදු විශ්ව විද්‍යාලයකින් පුරාවිද්‍යාව ගැන නීත්‍යාණුකූල උපාධියක් නැත. පුරාවිද්‍යා චක්‍රවර්තී යයි ඕනෑම නම් පටබැඳගැනීමක් කාටත් කළ හැක. එම් එස් ප්‍රනාන්දුට එකල මාධ්‍යවේදීන් පටබැඳි නම 'බයිලා චක්‍රවර්තී' වේ. ඩීමන් ආනන්දට පටබැන්දේ 'මාරක කතා චක්‍රවර්තී' ලෙසය.

එසේනම් මේ 'පුරාවිද්‍යා වසවර්තියා' සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක යෙදී ඇති බව ඔහුම පිළිගනී. අනෙක් අතට ඔහු කියන්නේ නිධන් ගොඩ දැමීමට අයිතියක් රජයට තිඛෙන බවයි. එසේ නම් නිධන් වදුලේ දැක්වෙන පරිදි නිධන් ගොඩ ගැනීමට කළ යුතු බලි-බිලි පුද පූජා අතර නර බිලි දිය යුතු නිධානද තිබේ. ඒ අනුව ආණ්ඩුව නර-බිලි දී නිධන් ගොඩ ගැනීම කළයුතු වේ. මෙතෙක් කල් රාජපක්ෂලා හොරෙන් හොරෙන් කළ නිධන් හෑරීම දැන් එළිපිටම කරන්නට යන බව තේරුම් ගත යුතුය. ඒ සඳහා දැන් දැන් නර-බිලි සොයමින් කෝකටත් තෛලය වී ඇති උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ දරුවන් පැහැර ගැනීම සංවිධානාත්මකව සිදුකරන බව අද සිදුවීමෙන් හෙලිදරව් වී තිබේ.

මෙය දකුණේ දරුවන් කරාද පැමිණෙනු නොඅනුමානය. කඩු උමතුව වෙනුවෙන් ජාතික කෞතුකාගාරය පවා හොරන් කඩන නිධන් උමතුවකින් පෙළෙන රාජපක්ෂලාගේ බිලි පූජාවන්ට තම දරුවා පැහැර ගෙන යාමට ඉඩ නොදී අද වාලච්චේනේදී කළා සේ තම දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස වගකිව යුතු මාධ්‍යයක් ලෙස අප උතුරේ සහ දකුණේ දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු.

Share this article with your friends