Chitika Smowtion 468x60


Monday, May 14, 2012

නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක්: හොරු හාරන්න කලින් රජය හෑරිය යුතුයි ?


නිධන් යනු තෙල් වගේ ස්වභාවික සම්පතක්: හොරු හාරන්න කලින් රජය හෑරිය යුතුයි - එල්ලාවළ මේධානන්ද වෘක්ෂ සුනඛයා අසූචි වලඳමින් දෙසයි-

රාජපක්ෂලාගේ අසූචි පවා වළඳන එල්ලාවල මේධානන්ද නම් ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයා අපූරු කතාවක් කර තිබේ. අද සති අන්ත පුවත් පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු රාජපක්ෂලාගේ හොරෙන් නිධන් හෑරිල්ල සාධාරණය කරයි. නිධන් යනු තෙල් වැනි පොළොවෙන් ලැඛෙන ස්වාභාවික සම්පතක් බව පවසයි.

"මම කියන්නේ රටේ තියන පුරාවස්තු ඒවා ජාතිය සතු දේවල් නිසා ආරක්ෂා කළ යුතුයි. නිධන් කියන්නේ වෙනම ජාතියක්. ඒ කියන්නේ පොළොව යට තියෙන සම්පත් මිස පූජනීය පුරා වස්තු නොවේ. මැණික් රත්තරන් වගේ දේවල් පොළොව යට තියෙනව නම් මමනම් කියන්නෙ රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල ඒවා රජයේ ආදායමට එකතු කර ගත යුතුයි."

ඔබ වහන්සෙ කියන්නෙ මේ පුරා වස්තු මේ නිධන් වස්තු වර්තමානයේදි ගොඩගන්න එක අවශ්‍යයයි සාධාරණයක් කියලද?

"මේ නිධන් වස්තු හෝ පුරා වස්තු අතීතයේදී හෝ වර්තමානයේදී හොරෙන් හාරනවා නම් ඒක නීති විරෝධියි. ඒකට ද~ුවම් දිය යුතුයි. නමුත් පොලොව යට තියෙන සම්පත් වල අයිතිය තියෙන්නෙ රජයට. ඒ නිසා මහජනතාව දැනුවත් කරලා පොළොව යට තියෙන ධන සම්පත් රජය සතු කරගන්නවා නම් වඩා හොඳයි කියලයි මම කියන්නෙ. ඒක රජය නොකරන නිසා තමයි හොරුන් තැන තැන හාරල මේ නිධන් වස්තු හොරකම් කරන්නෙ. නිධන් කියන්නෙ පොලොව යට තියෙන රත්තරන් තෙල් මැණික් වගේ ස්වභාවික සම්පතක්."

තමා පුරාවිද්‍යා චක්‍රවර්ති යැයි තමාම කියාගන්නා මෙම ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයා ඉහත කර ඇති දුෂ්ඨ කතාව අනුව මොහු ජාතියෙන් සමාව ගත යුතුය. නැතහොත් සැබෑ දේශප්‍රේමී ජනතාව මෙම සුනඛයාගේ සිවුරු ගලවා තට්ටයේ තාර ගා මහ මුහුදට තල්ලූ කළ යුතුය. මොහුගේ සිවුරු ගලවන විට අතේ කොටා ඇති පච්චය හමුවනු ඇත. ශ්‍රමණ වේශයට පැමිණීමට පෙර චන්ඩියෙක් වූ මොහු දෙවුර වසා ගෙන සිටින්නේ උරහිසේ ඇති පච්චය වසා ගත යුතු නිසා බව මොහුගේ තතු දන්නෝ පවසති.

Share this article with your friends