Chitika Smowtion 468x60


Monday, May 14, 2012

මර්වින් කළ දැවැන්තම ඉඩම් මංකොල්ලයක් හෙළි වෙයි ?


අමාත්‍ය මර්වින් සිල්වා විසින් කළ දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් මේවන විට හෙළිවී තිබේ.
කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පර්චස් 85ක ඉඩමක් හොර ඔප්පුවක් සාදා මෙලෙස ඔහු විසින් මංකොල්ල කා ඇතැයි පැවසේ.
මෙම ඉඩම් මංකොල්ලයට අමාත්‍ය මර්වින් සිල්වාට අමතරව මීරිගම විමලේ හෙවත් විමල් අත්තනායක, ගම්පහ නගර සභාවේ උප නගරාධිපති අජිත් බස්නායක හා ඔහුගේ ගොලයකු වන තරංග නවීන් වීරකොන් නැමැති පිරිස සම්බන්ධවී තිබේ.
මොවුන් එක්ව මෙලෙස මංකොල්ල කා ඇත්තේ කබ්රාල් නැමැති අයෙකුට අයත් ඉඩමක් බව පැවසේ.
අදාල ඉඩමේ මේවන විට දෙමහල් කඩ සාප්පු සාදා උඩුමහලේ කඩ කාමරයක් රුපියල් ලක්‍ෂ 22කට හා බිම් මහලේ කඩ කාමරයක් රුපියල් ලක්‍ෂ 24කට අලෙවි කර ඇති බව පැවසේ.
මෙම ඉඩමේ මුල් හිමිකරු ලෙස ඔප්පුවට ඇතුළත් කර ඇත්තේ අමාත්‍යවරයාගේ මීරිගම හිතවතකු වන මීරිගම, පොහොන්නරුව, අංක 51/1 හි පදිංචි කඩුගන්නාව බුවා වත්තේ ගෙදර විමල් අත්තනායක නැමැත්තාය.
ඔහුගෙන් මෙය විකුණුම්කරයක් මාර්ගයෙන් රුපියල් ලක්‍ෂ හයක මුදලකට ගම්පහ නගර සභාවේ උප නගරාධිපති අජිත් බස්නායකගේ ගොලයකු වන තරංග නවීන් වීරකොන් නැමැති අයට පවරාදී තිබේ.
මෙම හොර ඔප්පු ගණුදෙනුව සම්පූරණයෙන්ම කැලණිය වරාගොඩ මෛතී‍්‍ර මාවතේ පදිංචි නීතීඥ යූ.ඒ. පේ‍්‍රමසුන්දර මහතා දන්නා බවද පැවසේ.
මීරිගම විමලේ හෙවත් විමල් අත්තනායක නැමැත්තාට සිය බිරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්වූ අයෙකි.
මෙම ඉඩම වර්තමානයේ කරිබත්ගොඩ පොලිසිය පිහිටා තිබෙන ඉඩමෙහිම කොටසක් වන අතර, මීට පෙර දැනට අදාල කඩ සාප්පු තනා ඇති ඉඩම අසලින් ගලායන ඇල පිහිටා තිබී ඇත්තේ කිරිබත්ගොඩ පොලිසිය පිහිටා ඇති ඉඩමෙහිය.
එය ශී‍්‍රපති සූරියආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කිරිබත්ගොඩ පොලිසිය පිහිටා ඇති ඉඩමෙන් වෙනත් දිශාවකට හරවා දැනට ඇල තිබෙන ප‍්‍රදේශයට එය විතැන්කර තිබේ.
අදාල සම්පූර්ණ ඉඩම ජිනදාස නන්දසේන මහතාගේ මැදිහත්වීමෙන් 1990 වසරේදී රජයට පවරාගෙන ඇත.
එම ඉඩමේ අයිතියට කබ්රාල් නැමැති අයට අමතරව එහි කුඹුරු කළ අඳ ගොවියෝ කිහිපදෙනෙකුද අයිතිවාසිකම් කීම නිසා එම ඉඩම රජයට පවරාගැනීම වෙනුවෙන් වන්දි වශයෙන් හිමිවූ රුපියල් ලක්‍ෂ 94 ක මුදලද තවමත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇති බවද පැවසේ.
එයා කබ්රාල් නැමැත්තාට ලබාදීම පමාවී ඇත්තේ දැනට අයිතිය සම්බන්ධයෙන් නඩුවක් පවතින නිසා බවද වාර්තා වේ.
කෙසේවුවද මර්වින් හැදූ හොර ඔප්පුවට අනුව මෙම ඉඩමේ මුල් සින්නක්කර ඔප්පුව ඇත්තේ 1973 වසරේ ලියාපදිංචි කළ එකක් ලෙසය.
මෙම මංකොල්ලය සිදුකර කඩ සාප්පු බෙදාදුන් ආකාරය ඉදිරියේදී අපි හෙළිකරන්නෙමු.

Source - lankanewsweb.com

Share this article with your friends