Chitika Smowtion 468x60


Sunday, May 6, 2012

අන්තර් ජාතික නීති කඩකරමින් කම්කරු මර්දනයට නව නීති ?


අන්තර් ජාතික කම්කරු සංවිධානය විසින් සම්මත කර තිඛෙන කම්කරු අයිතිවාසිකම් පවා උල්ලංගනය කරමින් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමේ නව නීති සම්පාදනය කිරීමට ආණ්ඩුව සුදානම් වන බව වාර්තාවේ.
කම්කරු අයිතිවාසිකම් සේම හාම්පුතුන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා විය යුතු බව සඳහන් කරමින් එම නීති සම්පාදනය කිරීමට සූදානම් වේ. වෘත්තීය සමිති මෙම කම්කරු විරෝධී පියවරට දැඩි ලෙස විරෝධය පළ කර ඇත. අලූතින් හඳුන්වා දීමට යන නීති මගින් අන්තර ජාතික කම්කරු සංවිධානය සමඟ එකඟවී තිඛෙන්නේ 87වන සහ 98වන සම්මුතීන් උල්ලංගනය වන බව අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙයි. එහි සභාපති වසන්ත සමරසිංහ මහතා පවසන්නේ 87වන සම්මුතිය මගින් කම්කරුවන්ට සංවිධානය වීමේ අයිතිය හා 98 සම්මුතිය මගින් සාමූහික කේවල් කිරීමේ අයිතිය සුරැකී තිඛෙන බවයි.
හාම්පුතුන්ගේ අයිතීන් හඳුන්වා දීම මගින් සේවකයින්ට දඩ ගැසීම්, වැටුප් කප්පාදු කිරීම වැනි නියෝග ලබා දී හම්පුතුන් බල ගැන්වීම් අරමුණු කරගෙන ඇති බව ඔහු පවසයි. මෙම නීති කෙටුම්පත හාම්පුතුන්ගේ සම්මේලනය විසින් සකසා ඇති අතර ආණ්ඩුව ඊට විරෝධය පළකර නැත.
පෞද්ගලික සේවක විශ්‍රාම වැටුපක් වශයෙන් පසුගිය මැයි මාසායේදී ආණ්ඩුව සම්මත කරගැනීමට උත්සාහ කළ පනත වෘත්තීය සමිති මැදිහත් වීමෙන් පරාජයට පත් කර වසරකට පසු මෙම නව නීති සම්පාදනය කිරීමද විශේෂත්වයකි.
- ලංකා

Share this article with your friends