Sunday, May 6, 2012
ශක්ති ජනක පාන වලට ඔබත් කැමති ද? එහෙනම් අනිවාර්යෙන් කියවන්න.
ශක්ති ජනක පාන වර්ග බීම නිසා තරුණ තරුණියන්ගේ දත් දිරායාම දෙගුණයකින් ඉහළ යන බවට දන්ත වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවනවා .
මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ ඇමෙරිකාවේ වරලත් දන්ත වෛද්‍ය ආයතනයයි.
ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව ශක්ති ජනක පාන මෙන් ම ක්‍රීඩකයන් භාවිත කරන පාන මගින් ඇතිවන සෞඛ්‍ය හානිය කිසිදු අයුරකින් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි මට්ටමක පවතින බවයි සොයාගෙන තිබෙන්නේ.
අදාළ බීම වර්ගවලට දින පහක් දත් නිරාවරණය වුවහොත් දන්ත එනැමලයට බරපතළ හානි සිදුවෙන බව එම පරීක්ෂණ කණ්ඩායම වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.
ඔවුන් මෙම පරීක්ෂණය සඳහා ශක්තිජනක පාන 9 ක් ද ක්‍රීඩකයන් භාවිත කරන පාන වර්ග 13 ක් ද යොදාගෙන තිබෙනවා. එමඟින් බීම වර්ගවල ආම්ලිකතා මට්ටම පරීක්ෂා කර ඇති අතර වෙළඳ නාමය මෙන් ම රසකාරක අනුව ඒවායේ ආම්ලිකතාව වෙනස්වන බව ද සොයාගෙන තිබෙනවා.
කෙසේ වුවත් ක්‍රීඩා බීමවලට වඩා ශක්ති ජනක පානවලින් දත් දිරායාම දෙගුණයකින් වැඩි කරන බවයි මෙහිදී සොයාගෙන තිබෙන්නේ.
එනැමලයට හානි වූ විට දත් ඉතා දැඩි සංවේදීතාවක් දක්වන අතර කුහර ඇතිවීමට ද දත් දිරා යාමට ද ඉක්මනින් ලක් වන අතර සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් ම යෞවන යෞවනියන් දවස ප්‍රාණවත්ව තබා ගැනීමට යැයි සිතමින් ශක්ති ජනක පාන හා ක්‍රීඩා පාන භාවිතයට කැමැත්තක් දැක්වුවත් එමගින් ජීවිත කාලයටම තම දත් දෙපළට වන හානිය තා ප්‍රභල බවත් නැවතත් එම තත්වය වෙනස් කල නොහැකි බවත් ඒ පිළිබඳව සියළුදෙනාම දැනුවත් විය යුතු යැයි ද විද්‍යාඥයෝ පවසනවා.
Source: http://www.gossip9.com/2012/05/blog-post_7043.html#ixzz1u6zBW3aG
ශක්ති ජනක පාන වලට ඔබත් කැමති ද? එහෙනම් අනිවාර්යෙන් කියවන්න.
2012-05-06T22:59:00+05:30
Admiral