ලාංකික මධ්‍යම පාංතිකයාගේ වත්මන් ඛේදවාචකයෙන් බිඳක් ..!
බෞද්ධයන්ගේ උතුම් දිනය වූ වෙසක් පෝය දිනයට පෙර රජතුමා විසින් ජනතාවට තවත් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු.350 කින් ද කිරි පිටි කිලෝ එකක් රු. 163 කින් ද සිමෙන්ති කොට්ටයක් රු.70 කින්ද ඉහල දමමනි. 4 වෙනිදා දහවල් වන විට මධ්‍යම රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිත ලෙස මිල වැඩි වීම ප්‍රකාශයට පත් කළේය. බොහෝ පාරිභෝගිකයින් මෙන් මා ද 4 වෙනිදා සවස හිස් ගෑස් සිලින්ඩරයක් පටවා ගෙන පවතින මිලට ගෑස් මිලදී ගැනීම සදහා මාර්ග අවතීර්ණය වීමි. මා ජීවත් වන රත්මලාන ආශ්රිත සෑම ගෑස් කඩයක්ම එක්කෝ වසා තිබිනි, නැතිනම් 'ගෑස් අවසානයි' යනුවෙන් දැන්වීමක් එල්ලා තිබුණි. මා මෙන්ම ගෑස් සිලින්ඩර වාහනයේ දමා ගෙන, මෝටර් සයිකලයේ බැඳගෙන නැතිනම් ත්‍රී වීල් රථ වල පටවා ගෙන පැමිණි ජනයා ගෑස් වෙළඳ සැල් අසල බලාපොරොත්තු බිඳ ගෙන නැවත හැරී යමින් සිටියේ මැද මුලන ජන මූල නායකයාගේ ජාතක කථාව සිහිපත් කරමිනි. රජතුමා ගේ මව් පාර්ශවය විශේෂයෙන්ම සිහිපත් කළ ජනී ජනයා සහෝදරයින්ගේ ගුණ ගායනයටද අමතක නොකළෝය. සමහරෙක් විජය රජතුමාට ඇති සිංහ ලේ නෑ කම මෙන් මැද මුලන ජන මූල නායකයාට ඇති වෙනත් සතුන්ගේ ලේ නෑ කම් පිලිබඳ විවිධ කථා කියා සිටියේ ජන මූල නායකයාගේ වංශ කතාව ගැන නිරතුරුවම උනන්දු වන ඉතිහාසඥ ජක්සන් ඇන්තනීට අතිශය වැදගත් ඓතිහාසික මූලාශ්‍ර රාශියක් ලබා දෙමිනි. වැටලීමක් කිරිමට අවශ්‍ය නම් 7 වෙනිදා සිට නව තොග ලැබීමට පෙර නව මිල ගණන් යටතේ පරණ ගෑස් විකුණන වෙළඳුන් අල්ලා ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකියාව ඇත.
ගෑස් මිල වැඩිවීම අනිවාර්යයෙන්ම ගෑස් ආශ්රිත නිෂ්පාදන වල මිල වැඩි වීමටද හේතු වේ. මේ අනුව ප්ලේන්ටියේ, ආප්පයේ සිට කෑම පැකට් එක දක්වා නැවත වටයකින් මිල වැඩිවනු ඇත. විදුලි බිල, ඉන්ධන මිල වැඩිවී හේතුවෙන් නහය ලඟට ගිලී සිටි මධ්‍යම පාංතිකයා තවදුරටත් අසීරුතාවයට පත් කරනු ඇත. මේ වන විට මධ්‍යම පාංතික ජනයා මුහුණ දී ඇති අතිශයින් දරුණු ආර්ථීක ප්‍රශ්න හේතුවෙන් ඔවුන්ගේ ජන ජීවිතය මුළුමනින්ම පාහේ බිඳ වැටී ඇත. පෞද්ගලික අංශයේ විධායක නිළධාරියකු වූ මාගේ මිතුරෙක් පවසා සිටියේ මීට පෙර සතියකට වරක් පිටට ගොස් රාත්‍රී ආහාර ලබා ගැනීමේ පුරුද්ද දැන් නවතා ඇති බවත් විදුලි බිල හේතුවෙන් වේලාසන නිදා ගැනීමටත් ආගන්තුක සත්කාරය මුළුමනින්ම නවතා දැමීමටත් සිදු වී ඇති බවයි. වැටුපෙන් ජීවත පිරිමසා ගැනීමට දරුවන්ගේ අධ්‍යාපන වියදම හැර අනෙකුත් සියළුම වියදම් සීමා කිරීමට හෝ කපා හැරීමට මධ්‍යම පාංතිකයාට සිදු වී තිබේ. පසුගිය කාලයේ අමාරුවෙන් තැන්පත් කළ මුදල් එදිනෙදා ජීවත් වීම උදෙසා ගැනීමට සිදු වී ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය. සාපේක්ෂ වශයෙන් ඉහල වැටුපක් ලැඛෙන විධායක නිළධාරියකු ගේ තත්වය මෙය නම් සුළු සේවකයින් ගැන කවර කතාද. මීට සති දෙකකට පමණ පෙර එළවළු මිල පහත තිබූ බැවින් නාගරික සහ අර්ධ නාගරික ජනතාවට යම් සහනයක් විය. නමුත් මේ වන විට 'එළවළු වසන්තය' අවසන් වී ඇත. මීට පෙර කිලෝව රු. 60 ට තිබූ කැරට් මේ වන විට කිලෝව රු. 120 දක්වා සියයට සියයකින් වැඩි වී ඇත.
මධ්‍යම පාංතිකයින් ගේ මෙම අරපිරිමැසුම් ජීවන රටාව බොහෝ ව්‍යාපාර කෙරේ ඉතා දැඩිව බලපා තිබේ. බත් පැකට් විකුණන කාන්තාවක් පැවසුවේ පවතින තත්වය අනුව බත් පැකට් එකේ මිල ඉහල දමා තම පාරිභෝගිකයන් තවත් අසීරුතාවයට පත් කල නොහැකි බවත් පවතින මිලට ව්‍යාපාරය පවත්වා ගෙන යා නොහැකි බවත්ය. ඇයට අනුව ඇති එකම විකල්පය නම් බත් පැකට් එකේ අන්තර් ගුණාත්මක භාවය අඩු කිරීම පමණි. මෙම තත්ත්වය හෝටල් ව්‍යාපාරය කෙරේ ද අහිතකර ලෙස බලපා තිබේ. මැලිබන් හන්දියේ හෝටලයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකු පවසා සිටියේ පෙරදී දිනකට කොත්තු රොටී 125 ක් පමණ විකිණීමට හැකියාවක් තිබූ නමුත් දැන් එය උපරිම 50 කට සීමා වන බවත් පිටි කිලෝ 20 ක පමන සෑදූ ආප්ප දැන් කිලෝ 10 කට පමණ එනම් සියයට 50 කින් පමණ අඩු වී ඇති බවත්ය. වෙළඳාම අඩු වීමත් විදුලි බිල සහ ජල බිල වැඩි වීමත් අනුව තව දුරටත් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑම ඉතා අසීරු බව ඔහුගේ අදහසයි. "කඩේ පුටු පිරෙන්න මිනිස්සු හිටිය දවසක් මතක නැහැ, එන මිනිහත් ප්ලේන්ටියක් බීලා යනවා" සිය වෙළඳාමේ අඩු වීම ඔහු කියා සිටියේ එලෙසයි. ජනතාවගේ අරපිරිමැස්ම තවත් කේෂ්ත්‍ර ගණනාවක ආදායම් මාර්ග අඩු වීම කෙරෙහි බලපාන බවත් ඒ හරහා තවත් පිරිසකගේ ජීවනෝපායට සෘජු ලෙස බලපාන බවත් බැහැර කළ නොහැකි ආර්ථීක යථාර්තයකි. සිංගප්පූරුවේ ආර්ථීක වර්ධනය ගැන අදහස් දක්වන විචාරකයින් පවසන්නේ ලී ක්වාන් යූ ජනතාවගේ ආදායම වැඩිකර ඔවුන් වියදම් කිරීමට පොළඹවා එහි ආර්ථීකයට නිරන්තර චලනයක් සහ උත්තේජනයක් ලබා දුන් බවයි. ඒ වෙනුවට අපේ ආර්ථීක ඔස්තාද්ලා තම ආහාර වියදම රු. 2500 කට සීමා කරන ලෙස ජනතාවට යෝජනා කරයි.
ලංකාවේ පුරුෂයන්ගේ සමාජ ජීවිතයේ එක් සහ වැදගත් අංශයක් වූ මත්පැන් පාරිභෝජනයටද මේ මිල ඉහල යෑම් බලපා තිබේ. රෙස්ටුරන්ට් එකකට ගොස් තුන් හතර දෙනා එකතු වී සතුටු සාමීචියේ යෙදෙමින් ඇණවුම් කර මත්පැන් ගැනීම දැන් හැකිතාක් සීමා කර ඇති බව තතු දන්නෝ දනිති. මේ වන විට වෙනත් විකල්ප සහ වියදම් අඩු ක්‍රම භාවිතා කිරීමට බොහෝ දෙනෙකු පුරුදු වී සිටි. ජනප්‍රිය ක්‍රමය වන්නේ සුපිරි වෙළඳ සැළකින් බෝතලයක් මිලට ගෙන අනෙක් අඩුම කුඩුම කඩල කාරයෙකුගෙන් ලබා ගෙන කොහේ හෝ මුල්ලකට වී අවශ්‍ය කටයුත්ත සිදු කර ගැනීමයි. මෙමගින් ගරුත්වයෙන් යුතුව එම කාර්ය සිදු කිරීමේ හැකියාවද අහිමි වී ඇත. තනිව මත්පැන් ගන්නන්ගේ ලාභදායී විකල්පය වන්නේ සියේ කෑන් ලෙස හඳුන්වන ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි බියර් පානයයි. මේ තත්වය කෙතරම් වැඩි වී ඇත්දැයි පරිසර ප්‍රශ්නයක් දක්වා වැඩි වී ඇති ආකාරයට තැන් තැන් වල දමා ඇති හිස් කෑන්, කාලෙ සහ බාගෙ බෝතල් වලින් පෙනේ.
ගංගොඩවිල සෝම හිමි ගෙන් බුදු බණත්, විමල්ගෙන් සහ චම්පික ගෙන් දේශපාලනයත්, පුරා-විජ්ජා චක්‍රවර්ති ගෙන් සහ ජක්සන් ඇන්තනී ගෙන් ඉතිහාසයත් ඉගෙන ගෙන යුද්ධ ජයග්රහණයෙන් මුසපත් වී සිටි බොහෝ ග්‍රාමීය සහ අර්ධ නාගරික මධ්‍යම පාංතිකයෝ මේ වන විට ඉහත යථාර්තය අත් විඳිමින් සිටිති. ඛේදවාචකය වන්නේ බොහෝ දෙනෙකු මෙම ආර්ථීක ප්‍රශ්න සමාජ ප්‍රශ්නයක් ලෙස නොව පුද්ගලික ප්‍රශ්නයක් ලෙස සැලකීමයි. තවත් පැයක් ඕ.ටී. කර හෝ තව දුරටත් වියදමට මෙන්ම ජීවිතයටද සීමා දමමින් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමයි.
සාමාන්‍යයෙන් පටු සහ ආවෘත ජීවිත ගෙවන ශ්‍රී ලාංකිකයින් ගේ ජීවිත වඩාත් නීරස සහ ඒකාකාරී ජීවිත බවට රාජපක්ෂ පවුල් පාලනය විසින් ඇද දමා තිබේ.
සිනමාව, නාට්‍යය, සංගීතය රස විඳීමට ඇති අයිතිය ආර්ථීක ප්‍රශ්න හේතුවෙන් ජනතාවට අහිමි කර තිබේ. රසාස්වාදය, කතිකාව ජන ජීවිතයෙන් ගැලවී ගොස් තිබේ. ඒ වෙනුවට ගෘහය තුල කොටු වූ හුදකලා ජීවිතයක් උරම කර දී තිබේ.
වැඩිවෙමින් පවතින සමාජ ප්‍රචණ්ඩත්වයට මේ තත්වයද හේතු වී ඇති බව සැලැකිය හැක. තේරුම් ගත යුත්තේ මෙම ආර්ථීක ප්‍රශ්න වලට මුල රාජපක්ෂ පවුල් පාලනයේ අසාර්ථක ආර්ථීක කළමනාකාරණය බවයි. දූෂිත සහ අකාර්යක්ෂම පාලනය බවයි. විශාල ඇමති මණ්ඩලයක් සහ පරපුටු නිළධාරී තන්ත්රයක් නඩත්තු කිරීම බවයි. අනවශ්‍ය ආරක්ෂක වියදමක් ජනතාව පිට පටවා ඇති බවයි. විසඳුම් ඇත්තේ රාජපක්ෂ පවුල් පාලනය අවසන් කිරීමෙන් පමණි. ජනතාවට වග කියන යහ පාලනය සහිත පාලනයත් ඇති කිරිම මගිනි.
-විසල් කරුණාරත්න විසිනි-