Chitika Smowtion 468x60


Sunday, May 6, 2012

දුම්රිය ඉඩම් සමාගමකට පැවරේ ?


මාතර කතරගම දුම්රිය මාර්ගය අයත් මාරකොල්ලිය අක්කර 120ක භූමිය ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ උපදෙස් මත ආර්.එම්.ජේම් කන්ස්ට්‍රක්ෂන් නැමැති පෞද්ගලික සමාගමකට පවරා දී ඇත. දුම්රිය මාර්ගය ඉදිකිරිම සඳහා අත්පත් කර ගත් මෙම ඉඩම පෞද්ගලික ආයතනයකට පැවරීමේන් නැවත ඉඩම් අත්පත්කර ගැනීමට සිදුවන අතර එහි පාඩුව දැරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.


ලබා දී ඇති ඉඩමේ මහාමාර්ග සඳහා උපයෝගී කරගන්නා කාපට් මිශ්‍රනය නිපදවීමේ කම්හලක් ආරම්භ කර තිබේ. ලංකාවේ බහුතර මාර්ග සඳහා කාපට් මිශ්‍රන නිපදවන්නේ මෙම කර්මාන්ත ශාලාවෙනි. විජේසූරිය වත්ත, තල්ගහකොරටුව, දළුවත්ත යන ඉඩම් මෙම අක්කර 120ට ඇතුළත්ය. අදාළ ව්‍යාපාරිකයාට පවරා ඇති ඉඩමට කොක්ආර වැව, බූ වැව, උඩගෙඩියාව වැව ඇතුලූ කුඩා වැව් පහක්ද ඇතුළත්ය. වගා කළ හැකි කුඹුරු අක්කර 50ක්ද මේ නිසා පුරන්වීමට ඉඩ ඇත.
මාතර කතරගම දුම්රිය මාර්ගයෙන් ඉදිකිරීමට යෝජිත භූමිය සමග අවට ඉඩම් මිලදී ගෙන ඇත්තේද ප්‍රමුඛ තරුණ දේශපාලඥයක් විසිනි. ඔහු එම ඉඩම් මිලදී ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභාපති සිරි අන්ද්‍රාහැන්නදි මහතාගේ සහෝදරියකගෙනි. කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා නැවත ඉඩම් අත්පත්කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන අතර දුම්රිය මාර්ගයේ සියලූ කටයුතු මේ වනවිට නතර කර දමා තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends