Chitika Smowtion 468x60


Friday, May 11, 2012

මරාණ්ඩුව නගින්න හැදූ පුවක් ගහේ දෙබලක්


ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහල දැමීමට සූදානම් වෙද්දී ලෝකයේ බොරතෙල් මිල දැනට දින 6 ක් තිස්සේම පහල වැටෙමින් පවතී.

ඩොලර් 106 ට පමණ තිබූ බොර තෙල් බැරලයක් මේ වන විට ඩොලර් 96 කට පමණ අඩු වී තිබේ. දිනපතා ඩොලර් ශත 60, 50, 25 ආදී වශයෙන් මෙසේ දිනපතා මිල අඩුවෙමින් පවතී. වසර 22 කට පමණ පසු බැරල් මිලියන 379.5 ක් වැනි විශාලතම බොර තෙල් ප්‍රමාණයක් වෙළඳ පොළට පැමිණීමත්, යුරෝපයේ ඇතිවෙමින් පවතින දේශපාලන වෙනස් කම් ආදියත් හේතුවෙන් මෙසේ බොර තෙල් මිල කෙදිනක හෝ නොතිබූ අන්දමින් පහත වැටෙමින් පවතින බව මාධ්‍ය වාර්තා පවසයි. ආර්ථීක විශේෂඥයන් පවසන්නේ ජුනි මස දක්වාම මෙය පවතිනු ඇති බවයි.

පසුගියදා හලාවත ඇන්තනී තරුණයාද පරලොව යවමින් ශ්‍රී ලංකාවේ මරාණ්ඩුව තෙල් මිල අධික ප්‍රමාණයකින් වැඩි කෙළේ ලෝකයේ තෙල් මිල වැඩි නොවූ අවස්ථාවකදී ය. ලෝකයේ තෙල් මිල අඩුවෙද්දී එහි වාසිය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට නොදෙන මරාණ්ඩුව මෙවරත් එවැනිම පහත් ක්‍රියාවක් කිරීමට සූදානම් වන්නේ දැයි මේ සම්බන්ධ උනන්දුව දක්වන්නෝ පරීක‍ෂාවෙන් සිටිති....

Share this article with your friends