Chitika Smowtion 468x60


Friday, May 11, 2012

දුමින්දගේ සැත්කම් කතාව ‘අතේ රෝලක්’


අංගොඩදී වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී බරපතළ සැත්කමක් සිදු කිරීමට නියමිත බවට මාධ්‍යවල පළ වී ඇති වාර්තා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලසුම් සහගතව පළ කරන ලද ප‍්‍රවෘත්තියක් බව අප ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.
දුමින්ද මන්තී‍්‍රවරයාගේ ඉවත් කරන ලද හිස්කබලේ කොටසක් නැවත සවි කිරීමේදී බරපතළ සැත්කමක් ලබන 19 වනදා සිදු කෙරෙන බව බොහෝ පෞද්ගලික මාධ්‍ය පළ කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මතය.
දුමින්ද මන්තී‍්‍රවරයාට එවැනි බරපතළ සැත්කමක් සිදු කිරීමට නියමිත තිබියදී, ඔහුගේ සොයුරු රේනෝද සිල්වා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකොට ඔහුගේ හිරු ටී.වී. විකාශය ඇරඹීම සඳහා කාලය වෙන් කර ඇති බවත්, ලබන 17 වනදා මහා පරිමාණයේ ප‍්‍රචාරක වැඩ පිළිවෙළක් යොදා ගෙන ඇති බවත් අප වෙත වාර්තා වේ.
දුමින්ද මන්තී‍්‍රවරයා බරපතළ සැත්කමකට ලක් කරන බවට ප‍්‍රචාරය කිරීමේ මූලික අරමුණ වී ඇත්තේ, ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමයි. ඒ හරහා භාරත ලක්‍ෂ්මන් මහතා ඝාතනය කිරීමට අදාළ චෝදනාවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාට සැත්කමක් සිදු කිරීමට නියමිත නමුත්, එය එතරම් බරපතළ සැත්කමක් නොවන බව හිරු මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියෙකු අප කළ විමසීමකදී කීය.

Source - lankanewsweb.com

Share this article with your friends