Chitika Smowtion 468x60


Friday, May 11, 2012

මරා ආණ්ඩුව ඩෙංගු රෝගයත් කන්ට මාර්ගයක් කරගෙන

ආණ්ඩුවේ අක්‍රමවත් භාවය, නාස්තිය, දූෂණය හිලවු කර ගැනීමට මහජනයාට අසාධාරණ ලෙස බදු පනවමින්, නිදන් හාරමින්, කූට ලෙස විවිධාකරවලින් මුදල් ඉපැයීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටී. ඩෙංගු රෝගය බිල්ලට තබා සිදු කරන තවත් එවන් මුදල් ගසා කෑමක් ගැන අප වෙත ලැබුණු සිද්ධියකි.

පදවිය යනු කාලයක් පුරාවට ත්‍රස්තවාදී කලබලවලින් පීඩා විඳි ගොවි ජනතාව වෙසෙන අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ඈත කෙළවරේ පිහිටි ගම්මානයකි. මීට ටික කලකට පදවිය නගරය ආශ්‍රිත ව මහජන පරීක්ෂකවරු හා පොලිසිය එක් ව ඩෙංගු පරීක්ෂා කිරීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අයෙක් කියා සිටියේ පෙර දැනුම් දීම් අනුව තමන් වත්ත පිරිසිදු කර තිබූ බවත් අනිත් පැත්ත හරවා තිබූ (කට යට පැත්තට හරවා) බෝතල් වගයක් තිබීම නිසා තමන්ට දඩ ගැසූ බවයි. මේ බෝතල් බල්ලෝ පූසෝ වැනි සත්තුන්ගේ ඇගේ වැදී අනෙක් පැත්ත හැරිය හැකි බවත්, එවිට ඩෙංගු මදුරුවෝ බෝවිය හැකි බවත් අනාවැකි න්‍යායක් දක්වා කොලයකට අත්සන් ගෙන ඇත. අඩුම වශයෙන් එම කොලයේ ඇත්තේ මොනවාද යන්න පැවසීමටවත් ඔවුන් කාරුණික වී නැත.

එදිනම අනිත් පැත්ත හරවා තිබූ, වතුර හෝ කිසිදු මදුරු කීටයෙක් හෝ නොසිටි බෝතල්, පොල්කටු ආදිය නිසා ඩෙංගු මදුරුවෝ බෝකළැයි වරදට නගරය ආශ්‍රිත ඉතා විශාල පිරිසක් උසාවියට ඉදිරිපත් කොට රු.5000 බැගින් දඩ ගසා ඇත.

ආණ්ඩුවේ ඩෙංගු මර්දන මාෆියාව පිළිබඳ ක්ෂේත්‍රයේ නම දිනූ තවත් එක් වෛද්‍යවරයෙක් අප වෙත මෙසේ පැවසී ය. —ආණ්ඩුව මේ වැරදි කොණක් අල්ලාගෙන දඟලන්නේ. ඩෙංගු මර්දනය පිළිබඳ වැඩ සටහන් කළා නම් ඩෙංගු රෝගීන් අඩු වෙන්න ඕන නේ. ඒත් එහෙම වෙලා නෑනේ. ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති අය මත අදාළ වාහක මදුරුවා දෂ්ඨ කර වෙනත් අය මත දෂ්ඨ කිරීමෙන් තමයි ඩෙංගු රෝගය බෝවෙන්නේ. ඉතින් කරන්න තියෙන්නේ එවැනි රෝගීන් ඉක්මණින් හඳුනා ගන්නා ක්‍රමයක් සකස් කරලා ඔවුන්ව රෝහල්වල වෙන් කොට තබාගෙන ප්‍රතිකාර කිරීම යි. එහෙම කළාහම අනිත් අයට එම රෝගය බෝ වීමෙන් වළකා ගන්න පුළුවන්. එහෙම නැතිව ඩෙංගු මර්දනය කරනවා කිය කිය අ`ඩඛෙර ගහ ගහා බොරු සංදර්ශන පවත්වලා වැඩක් නෑ.˜

මේ අතරේ පොලිස් පරිසර සංරක්ෂණ ඒකකය පවසා තිබුණේ පසුගිය මාස 03ට ඩෙංගු මදුරුවෝ බෝ කළැයි 1100කට නඩු පවරා රුපියල් ලක්ෂ 66 ක මුදලක් අය කරගෙන ඇති බවයි.



Share this article with your friends