Chitika Smowtion 468x60


Friday, May 11, 2012

තිලංගට නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්නැයි බැසිල්ගෙන් බලපෑම්


නවක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදීමේදී තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයාටද නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාට යෝජනා කොට ඇති අතර, ශී‍්‍ර ල.නි.ප. මහලේකම් මෛතී‍්‍රපාල සිරිසේන අමාත්‍යවරයා මෙන්ම, කොළඹ දිස්ති‍්‍රක් නායක සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයාද එම අදහස අනුමත කර තිබේ. කෙසේ වුවද අප වෙත වාර්තා වන පරිදි ජනාධිපතිවරයාගේ මෙතෙක් ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට ප‍්‍රබල නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, එම තීරණය සාධාරණීකරණය කිරීමේ අරමුණින් තවත් මන්තී‍්‍රවරු කිහිපදෙනෙකුටද නියෝජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමීමට මූලික කාරණා 03 ක් හඳුන්වා දී ඇත.
පසුගිය මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ති‍්‍රක්කවල වැඩිම මනාප ලබාගෙන මෙතෙක් ඇමති ධූරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිව නැති මන්තී‍්‍රවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදෙන බවට ජනාධිපතිවරයා මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරවා ගෙන ඇත්තේ, නාමල් මන්තී‍්‍රවරයාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීම යුක්ති සහගත කිරීමේ අරමුණිනි. පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ වැඩිම මනාප ලබා ගත්තේ නාමල් රාජපක්‍ෂ මහතාය.
එසේම ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකු වන මාතර දිස්ති‍්‍රක්කයේ හේමාල් ගුණසේකර මන්තී‍්‍රවරයා සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ඉන්දික මන්තී‍්‍රවරයාටත් නියෝජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමීම සඳහා පළාත් සභාවල ඇමති ධූර දැරූ අයටද නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
තවද වෙනත් පක්‍ෂවලින් ආණ්ඩුවට එක් වූ පක්‍ෂ නායකයින්ටද නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ ඔහුගේ සමීපතම හිතවතෙකු වන පුරවැසි පෙරමුණේ ලේකම් ශ‍්‍රී රංගා මන්තී‍්‍රවරයාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීම සඳහාය.
මෙම නිර්ණායක 03 මත පමණක් පදනම්ව නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදුනහොත් තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමි නොවනු ඇත. එසේම පසුගිය මහ මැතිවරණයේදී වැඩිම මනාප ලබාගත් කාන්තාව වන (මනාප 186,000) වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මන්තී‍්‍රවරියද එම නිර්නායකයන් තුළට අයත් නොවන බැවින්, ඇයටද නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් අහිමි වනු ඇත.
ජනාධිපතිවරයාගේ රහස්‍ය කටයුතු සම්බන්ධීකාරක සජින් වාස් ගුණවර්ධන මන්තී‍්‍රවරයාටද මෙම නිර්නායකයන් යටතේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමි නොවන නමුත්, ඔහුට ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ලෙස වැඩි වගකීම් ප‍්‍රමාණයක් පැවරීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා යෝජනා කොට ඇති නිර්නායකයන් 03 යටතේ, එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට එක් වූ මනූෂ නානායක්කාර මන්තී‍්‍රවරයා සහ ගේ‍්‍රරු මන්තී‍්‍රවරයාද බලවත් අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තාවේ. මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ලෙස කටයුතු කරන ගේ‍්‍රරු මහතාට එම අමාත්‍යංශයේ නිශ්චිත වගකීම් කිහිපයක් පැවරීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, මනූෂ නානායක්කාර මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ධූරය ලබාදීමට එකඟ වී තිබේ.
මෙම නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම මැයි මස අවසන්වීමට පෙර සිදු කිරීමට නියමිත බවත්, නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ඉදිරියට ගෙන ඒමට සිදු කරන මෙම තනතුරු ප‍්‍රදානයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බූද තවත් උග‍්‍රවීමේ අවදානමක් පවතින බව අප වෙත මෙම තොරතුරු ලබාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends