Chitika Smowtion 468x60


Friday, June 29, 2012

වව්නියාව බන්ධනාගාරයේ සැබෑලෙසම සිදුවූයේ කුමක්ද ?


අද ජාතික පුවත්පතක් වන දිවයින සහ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තාකර තිබුණේ වව්ව්නියාව බන්ධනාගාරයේ කැරැල්ලක් ඇති වී ඇති බවත් සිරකරුවන් විසින් බන්ධනාගාර පාලනාධිකාරීවරයාව ඔවුන්ගේ ග්‍රහණයට ගන්නට සැරසුණු බවත්ය.
එම පුවතේ තවදුරටත් සඳහන් වූයේ මෙහිදී කිලිනොච්චි එල්ටීටීඊ අධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අලගරත්නම් සහ මුහුදු කොටි නායකයකු වන සරනභවාන් ඇතුළු තවත් එල්ටීටීඊ රැඳවියකු ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශනය සඳහා 26 වැනිදා රැගෙන යැමෙන් පසු ඔවුන් නැවත වව්නියාව බන්ධනාගාරය වෙත ගෙන එන තෙක්‌ බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාරය තුළට නොඑන ලෙස පාලනය ගෙන තිබෙන එල්ටීටීඊ රැඳවියන් පවසා ඇත.
බන්ධනාගාරය සියතට ගෙන සිටින එල්ටීටීඊ රැඳවියන් බන්ධනාගාරයේ සිරකුටිවල ජනෙල් කපා යකඩකූරු, පොලු, උල්කටු රැගෙන ප්‍රධාන ඡේලර්වරයා භාරයට ගෙන ත්‍රස්‌ත විමර්ශන අංශයට රැගෙන ගිය එල්ටීටීඊ රැඳවියන් ගෙනෙන තෙක්‌ රඳවා තබාගැනීමට සතී නමැති කොටි නායකයා කළ උත්සාහයක්‌ හෙළිවීම නිසා ප්‍රධාන ජේලර්වරයා බන්ධනාගාරයෙන් පිටත තබාගැනීමට සෙසු නිලධාරීන් සමත් විය.
එම පුවත් මගින් එම සිරකරුවන් පිළිබඳ ඉතා බිහිසුණු චිත්‍රයක් මවා තිබුණි.
නමුත් බන්ධනාගාරයේ සැබෑ තත්ත්වය පිළිබඳ හඬපටයක් අපවෙත් ලැබී තිබේ. ඔබට පහත හඩපටය ඔස්සේ සවන්දිය හැකිය.


Source - lankanewsweb.com

Share this article with your friends