Chitika Smowtion 468x60


Friday, June 29, 2012

රජය අපව නැවත රවටමින් සිටිනවා


- දෙමළ දේශපාලන සිරකරුවන්


සත්‍යග්‍රහයක නිරතවූ දෙමළ දේශපාල සිරකරුවන්ට රජය විසින් ලබාදුන් පොරොන්දුව සියල්ල තවමත් පවතින්නේ හමස් පෙටිටියේය. තමන්ට රජය පොරොන්දුවූ පරිදි විශේෂ අධිකරණ කිසිවක් මෙතෙක් පිහිටුවා නැතැයිද සිරකරුවෝ චෝදනාකර සිටිති.

රජය තවදුටත් තමන් රවටමින් සිටින්නේනම් තමන් නැවත සත්‍යග්‍රහයන් වෙත යොමුවන බව ඔවුන් පවසා සිටිති. මේ අතර ඉදිරි සති දෙක තුළදී විශේෂ අධිකරණ පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ අමාතංශයේ උසස් නිළධාරියෙක් "යුක්තිය" වෙත පැවසීය.
ජූනි මස 17 වැනි දින 5 ක් පුරා දිවයින පුරා පිහිටි සියළු බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවෝ තමන්ව නිදහස් කරන්නයි ඉල්ලා සත්‍යග්‍රහයක නිරතවුහ. එම තත්ත්වය මත පසුගිය 24 වැනි දින කොළඹ මැගසින් බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන්ව හමුවී සාකච්ඡා කළ දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රි සුමන්දිරන් මහතා රජයට තවත් මාසයක කාලයක් ලබාදී සත්‍යග්‍රහය අත්හැරින්න යැයි ඉල්ලා සිටියේය. ඔහුගේ එම ඉල්ලීමට අනුව සිරකරුවන් සිය විරෝධතාවයද මසකට කල්දමන ලදී.
මේ අතර දෙමළ දේශපාල සිරකරුවන්ව කඩිනමින් නිදහස් කිරීම සඳහා විශේෂ අධිකරණයන් 4 ක් පිහිටුවන බවත් එය මෙම ජූනි මස 25 වැනිදා සිට ආරම්භ කරන බවත් මස 23වැනි දින රජය ප්‍රකාශකර තිබුණි. ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලදී.
නමුත් මේ වනවිට මසක් ගතවී ඇති නමුත් රජය විසින් පැවසූ විශේෂ අධිකරණයන් කිසිවක් මෙතෙක් මේ වනතෙක් පිහිටුවා නොමැත.
සියලු දෙමළ දේශාපලන සිරකරුවන්වෙත පොදු සමාවක් ලබාදෙන ලෙස මනෝ ගණේෂන් මහතා රජයෙන් ඉල්ලීමක් ද කරන ලදී. මේ අතරම රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු වන කරුණා අම්මාන් අමාත්‍යවරයාද බීබීසී දෙමළ සේවයට ප්‍රකාශ කරසිටියේ එලෙස රඳවාසිටීම අසාධාරණ බවයි.


Source - lankanewsweb.com

Share this article with your friends