Chitika Smowtion 468x60


Sunday, June 10, 2012

රංගේ සහ තෙවරප්පෙරුම හැලේ


ජනාධිපති සමාව මත සිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකා මහතාගේ කටයුතු සමග පසුපසින් ගිය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝඩුවක් වූ රංගේ බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරුන් දෙදෙනා යම් හිත් බිඳීමකට ලක්ව එම කණ්ඩායමෙන් වෙන් වී ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

මෙම හේතුව නිසා ඊයේ සරත් ෆොන්සේකා මහතා විසින් සංවිධානය කරන ලද ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ පැවැති සාදයටද මන්ත්‍රීවරුන් දෙදෙනා පැමිණියේ නැත. ඔවුන් වෙත ආරාධනාවක් ද කර තිබූ නමුත් ඔවුන් පැමිණ නැත්තේ ඇති වී ඇති විරසකය හේතුවෙනි. රංගේ බණ්ඩාර පවසා ඇත්තේ 'මේ ගොල්ලො වැඩක් කරන්න පුළුවන් අයගෙන් වැඩක් ගන්න දන්නේ නැතැයි' කියා ය.

ෆොන්සේකා සමග ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු තමා විසින් පලිගන්නා අයගේ ලැයිස්තුවක්ද සකස් කරමින් සිටි රංගේ බණ්ඩාර මහතා දැන් තැන තැන බැන වදිමින් යන බව ද 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

මේ අතර ඊයේ සාදය ඉහල පෙළේ අයට පමණක් ආරාධනා කර තිබී ඇති අතර ෆොන්සේකා මහතාට ප්‍රතිකාර කළ වජිර තෙන්නකෝන්, මහියා ගුණසේකර ඇතුළු වෛද්‍යවරුන් පස් දෙනෙක් පැමිණ සිටිය හ. යුද හමුදාවේ පැරණ්නෝ කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පැමිණ සිටියේ අර්ජුන රණතුංග සහ ටිරාන් අලස් මහත්වරු පමණි. ජයන්ත කැටගොඩ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් සාදයට පැමිණියේ නැත.

මෙම සාදය සංවිධානය කෙළේ අධිකරණයේ නීතිඥ කණ්ඩායමක් බවට ෆොන්සේකා මහතාගේ පවුලේ උදවිය පැවසුවද සත්‍ය වශයෙන්ම මෙය සංවිධානය කර තිබුණේ ටිරාන් අලස් මහතා ය. සාදය අතරේදී සහභාගී වන්නන් සාකච්ඡා කරන්නේ කුමක්ද යන්න ගැන ඔත්තු බැලීම සඳහා පිරිසක් ද ටිරාන් අලස් විසින් යොදවා තිබිණ.

Share this article with your friends