Chitika Smowtion 468x60


Sunday, June 10, 2012

ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත හමුදාවක් ?


කාණු සුද්ද කළ, එලවළු විකිණූ හමුදාව දැන් හාල් බිස්නස් එකට බැස තිබේ. මෙම සේයාරුවෙන් දැක්වෙන්නේ හමුදාව යොදා ගනිමින් ගොවියන්ගේ වී මිලදී ගන්නා අවස්ථාවකි. මේ අතර සතොස සතුව ඇති ඉඟිනියාගල සහල් කර්මාන්ත ශාලාව හමුදාව යටතට පවරාගෙන හමුදාවට අවශ්‍ය සහල් නිපදවා ගැනීමට හමුදාව බලාපොරොත්තු වන බව හමුදා ප්‍රකාශක වරයා පවසා තිබේ.

තව ටික කාලයකින් හමුදාවට අවශ්‍ය වී ටික වවා ගැනීම සඳහා කුඹුරු හමුදාවට පවරා ගත හැකි අතර හමුදා සෙබළුන් වී ගොවිතැන් කරනු ඇත. හමුදාවට අවශ්‍ය මස් ටික හදා ගැනීම සඳහා හමුදාව හරක් ඇතිකරනු ඇති අතර හමුදාවට අවශ්‍ය මාළු ටික අල්ලා ගැනීම සඳහා නාවික හමුදාව මාළු ඇල්ලීමේ නිරත වනු ඇත.

මෙලෙස ස්වයංපෝෂිත හමුදාවක් වුවද හමුදාවට අත්‍යාවශ්‍යම අවි ආයුධ ටික ලබා ගැනීම සඳහා පමණක් චීනය වෙත දෑත් දිගු කරනු ඇත.

Share this article with your friends