උතුම් වූ වෛද්‍ය වෘත්තියට නිගාදුන් සිද්ධියකට මුහුණ පාන්නට වූ මාගේ අත්දැකීම "වෙබ් අඩවිය" පාඨකයන් වෙත දැනුම් දීමට තීරණය කෙළෙමි.
මා විවාහ වී වසර 4 කි. මා සහ බිරිඳ දරු සම්පතක් බලාපොරොත්තුව ගත කළ සිව් වසරක කාලය නිමා කරමින් බිරිඳ ගැබ් ගත්තාය. දරු ගැබ මෝරා යද්දී පසුගිය දිනෙක හදිසියේම ලේ වහනය වීමක් සිදුවිය. තැති ගත් අප අපගේ සාමාන්‍ය දොස්තර වරිය වූ රාණී සිදම්බර පිල්ලේ වෙත ගියෝය. බිරිඳ පරීකෂා කළ ඇය කීවේ බබා අනතුරු දායක තත්ත්වයක සිටින බවයි. මේ වෙලාවේ තමාට කරන්නට දෙයක් නැති අතර ඇඳට වී විවේක ගන්නා ලෙසද දෙවියන්ට යාඥා කරන ලෙසද ඇය පැවසුවාය.
පසුව බොහෝ දෙනාගේ උපදෙස් මත වඩා හොඳයි කී දොස්තර අක්බාර් වෙතට බිරිඳ පෙන්වීමට අප තීරණය කෙළෙමු. දොස්තර රාණීගේ වාර්තා ද රැගෙන අපි දොස්තර අක්බාර් හමුවුනෙමු. රාණී සිදම්බරපිල්ලේ ගේ වාර්තා දුටු ගමන් දොස්තර අක්බාර් යක්ෂාවේශ වූයේය.
"මට බෑ මේ ලෙඩා බලන්න. යන්න. යන්න. මට පෙන්වන්න කලින් මොකටද මේ රාණිට පෙන්වන්න ගියේ. රාණිගේ සුදුසුකම් මගේ සුදුසුකම් වල අහලකටවත් තියන්න පුළුවන්ද? යන්න යන්න..." යි කියමින් බැනවැදුනු දොස්තර අක්බාර් වේදනාවෙන් පෙළෙන මගේ බිරිඳ දෙසවත් නොබලා එළවා ගත්තේ ය. රෝගියා බලන ලෙස කෙතරම් ඇවිටිලි කළද මේ මුග්ධ දොස්තර අක්බාර් එය ප්‍රතික්ෂේප කෙළේය. ඊට වෙන කිසිදු හේතුවක් තිබුනේ නැති අතර තිබුණු එකම හේතුව නම් අප අක්බාර්ට පෙර රාණී සිදම්බරපිල්ලේ වෙත ගොස් සිටීම පමණි.
මෙය කෙතරම් සදාචාර සම්පන්නද? අප මුදල් ගෙවා දොස්තර වරයෙකුගේ සේවය ලබා ගන්නට ගිය විට කලින් ප්‍රතිකාර කළ දොස්තරගේ සුදුසුකම් ප්‍රශ්නයක් ඇදගෙන රෝගියෙකුට මෙලෙස හැසිරීම මොන තරම් ම්ලේච්ඡ පහත් කි්‍රයාවක්ද? රෝගීන් වන සෑම දෙනාම අසරණයෝ වෙති. එකම පිළිසරණ වෛද්‍යවරයා පමණි. එහෙව් අවස්ථාවකදී අක්බාර් වැනි යක්ෂයෙක් කිසිදු රෝගියෙකුට හමුනොවේවා යන්න අපගේ පැතුමයි. මෙවැනි දුර්ජනයන්ගේ දුෂ්ඨ හැසිරීම් ගැන පැමිණිලි කිරීමට හෝ යම් ස්ථානයක් තිබේදැයි අප නොදනිමු. ඒ නිසා
මෙම වෙබ් අඩවිය වෙත මෙය ලියා එවීමට කල්පනා කෙළෙමු.මා විවාහ වී වසර 4 කි. මා සහ බිරිඳ දරු සම්පතක් බලාපොරොත්තුව ගත කළ සිව් වසරක කාලය නිමා කරමින් බිරිඳ ගැබ් ගත්තාය. දරු ගැබ මෝරා යද්දී පසුගිය දිනෙක හදිසියේම ලේ වහනය වීමක් සිදුවිය. තැති ගත් අප අපගේ සාමාන්‍ය දොස්තර වරිය වූ රාණී සිදම්බර පිල්ලේ වෙත ගියෝය. බිරිඳ පරීකෂා කළ ඇය කීවේ බබා අනතුරු දායක තත්ත්වයක සිටින බවයි. මේ වෙලාවේ තමාට කරන්නට දෙයක් නැති අතර ඇඳට වී විවේක ගන්නා ලෙසද දෙවියන්ට යාඥා කරන ලෙසද ඇය පැවසුවාය.
පසුව බොහෝ දෙනාගේ උපදෙස් මත වඩා හොඳයි කී දොස්තර අක්බාර් වෙතට බිරිඳ පෙන්වීමට අප තීරණය කෙළෙමු. දොස්තර රාණීගේ වාර්තා ද රැගෙන අපි දොස්තර අක්බාර් හමුවුනෙමු. රාණී සිදම්බරපිල්ලේ ගේ වාර්තා දුටු ගමන් දොස්තර අක්බාර් යක්ෂාවේශ වූයේය.
"මට බෑ මේ ලෙඩා බලන්න. යන්න. යන්න. මට පෙන්වන්න කලින් මොකටද මේ රාණිට පෙන්වන්න ගියේ. රාණිගේ සුදුසුකම් මගේ සුදුසුකම් වල අහලකටවත් තියන්න පුළුවන්ද? යන්න යන්න..." යි කියමින් බැනවැදුනු දොස්තර අක්බාර් වේදනාවෙන් පෙළෙන මගේ බිරිඳ දෙසවත් නොබලා එළවා ගත්තේ ය. රෝගියා බලන ලෙස කෙතරම් ඇවිටිලි කළද මේ මුග්ධ දොස්තර අක්බාර් එය ප්‍රතික්ෂේප කෙළේය. ඊට වෙන කිසිදු හේතුවක් තිබුනේ නැති අතර තිබුණු එකම හේතුව නම් අප අක්බාර්ට පෙර රාණී සිදම්බරපිල්ලේ වෙත ගොස් සිටීම පමණි.
මෙය කෙතරම් සදාචාර සම්පන්නද? අප මුදල් ගෙවා දොස්තර වරයෙකුගේ සේවය ලබා ගන්නට ගිය විට කලින් ප්‍රතිකාර කළ දොස්තරගේ සුදුසුකම් ප්‍රශ්නයක් ඇදගෙන රෝගියෙකුට මෙලෙස හැසිරීම මොන තරම් ම්ලේච්ඡ පහත් කි්‍රයාවක්ද? රෝගීන් වන සෑම දෙනාම අසරණයෝ වෙති. එකම පිළිසරණ වෛද්‍යවරයා පමණි. එහෙව් අවස්ථාවකදී අක්බාර් වැනි යක්ෂයෙක් කිසිදු රෝගියෙකුට හමුනොවේවා යන්න අපගේ පැතුමයි. මෙවැනි දුර්ජනයන්ගේ දුෂ්ඨ හැසිරීම් ගැන පැමිණිලි කිරීමට හෝ යම් ස්ථානයක් තිබේදැයි අප නොදනිමු. ඒ නිසා
පසුව වෙනත් දොස්තරවරයෙකුගේ සේවය ලබා ගත් මාගේ බිරිඳ මේ වන විට යම් සහනදායී තත්ත්වයක පසුවීම සැනසිල්ලකි.
-ෂ්‍යාම් -