ෆොන්සේකා-ටිරාන්-අර්ජුන-කැටගොඩ පැකේජයක් ලෙස
ආ
ණ්ඩුවට ගැනීමේ සාකච්ඡා මැයෙන්
අප වෙබ් අඩවිය පසුගියදා වාර්තා කළ පුවත සත්‍යයක්දැයි ෆොන්සේකා මහතාගේ පක්ෂයේ මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු විසින් ඊයේ පාර්ලිමේන්තු ලොබියේදී විමසා ඇත. අර්ජුන රණතුංග මහතා ඊට පිළිතුරු ලෙස ඊ නිව්ස් ප්‍රවෘත්තිය නිශේධ කර නැති අතර 'අපිත් ගේම් එකක් ගහනවා' යනුවෙන් පිළිතුරු දී තිබේ. 'ඒ කියන්නේ?' යැයි විමසූ කළ අර්ජුන පිළිතුරු දී ඇත්තේ 'බළමු' කියා ය.මේ අතර එම ප්‍රවෘත්තිය පළවීමෙන් පසුව මේ දක්වා ආණ්ඩුවෙන් හෝ ෆොන්සේකා මහතා හෝ ෆොන්සේකා මහතාගේ නිල නොවන මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස දැන් කටයුතු කරන අනෝමා මහත්මිය හෝ ප්‍රතික්ෂේප කළේ නැත.
එම ප්‍රවෘත්තියට පසුදා ෆොන්සේකා මහතා මාධ්‍යයට ප්‍රකාශක් කරමින් මෙසේ කීය. 'මගේ සමීපතම හිතවතුන්, මගේ ලඟින්ම හිටපු අය කැපවීමෙන් ක්‍රියාකළා මාව සිරගෙදරින් එළියට ගන්න. ඉදිරියට යන්න තිඛෙන ගමන මාව සිරගෙදර දැම්මත්, මර්දනය කළත්, මගේ දේශපාලන අරමුණු නවත්වන්න කාටවත් හැකියාවක් නැහැ. අපට රටෙන් මුකුත් අවශ්‍ය නැහැ. අපි රටට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙනවා කියලා අපි අතීතයේ වෙච්චි පොරොන්දු ඉෂ්ට කරන්න මම ඉදිරියටත් ක්‍රියාකරනවා' යි නිශ්චිත දේශපාලන එල්ලයක් නැති දෙකට දෙවාරණේ ප්‍රකාශක් කෙළේය. මෙහිදී වැදගත් වන්නේ ඔහුව එළියට ගැනීමට ක්‍රියා කරන ලද්දේ 'ලඟින්ම හිටපු අය සහ සමීපතම හිතවතුන් පමණක්' යැයි ප්‍රකාශ කිරීමයි.
මේ අතර අද වඳුරඹ පැවැති රැස්වීමකදී ආණ්ඩුවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කට වාචාල නිශාන්ත මුතුහෙට්ටිගමගේ ගෙන් කතාවක් එළියට පැන්නේ ය. එහිදී ඔහු 'රට ගොඩනැගීමේ වැඩපිළිවෙලේ ජවය ශක්තිය තිඛෙන නායකයා මහින්ද රාජපක්ෂ බවත් ජෙනරාල් ෆොන්සේකා ඇතුළු එම පක්ෂයේ සියළු දෙනාට මහින්ද රාජපක්ෂ ජනාධිපති සමග අත් වැල් බැඳගෙන රට ගොඩනගන්න එක්වන්න' යැයි විවෘතව ආරාධනා කෙළේය.
ෆොන්සේකා මහතා පසුගිය දින කිහිපයක් තිස්සේ මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ කිහිපයකදීම "මොන නායකයා හිටියත්. කවර පක්ෂයක් රට පාලනය කළත් තමාට ප්‍රශ්නයක් නැතැයි" යන්න අවධාරණය කර තිබිණ.