නිදන් හෑරීම සඳහා තම එස්ටීඑෆ් භටයන් මහවිලච්චියට යවා අතටම හසුවූ ආරක්ෂක ලේකම් ගෝඨාභය විනාශයට පත්වෙමින් ඇති වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සඳහා යුද හමුදාවයොදවන්නේ යැයි අද පැවසීය.
ඔහු මෙසේ කීවේ මාතර වෙහෙරහේන විහාරස්ථානයේ අද පස්වරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
විනාශයට පත් වෙමින් තිඛෙන එවැනි වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කර රටේ උගත් භික්ෂුන් වහන්සේලා වෙත පවරන බවත්, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් යොදවා දැනටමත් ඇතැම් ස්ථානවල වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් සිටින බවද ගෝඨාභය පැවසීය.
බොහෝ නිදන් පවතින්නේ පුරාණ වෙහෙර විහාර ආශි්රිතව බවත් එවැනි නිදන් තිඛෙන ස්ථාන පුරාවිද්‍යා වසවර්තී එල්ලාවල මේධානන්ද විසින් ගෝඨාභයට ලැයිස්තු ගත කර සිතියම් සහිතව පෙන්වා දී ඇති බවත් මීට පෙර මාධ්‍ය විසින් හෙලි කර තිබිණ.
පුරාණ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය මෙතෙක් බාරව තිබුනේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ය. ඒ පිලිබඳ දැනුම ඇත්තේ ද එම දෙපාර්තමේන්තුවට ය. එවැනි දැනුමක් හදිසියේම සිවිල් ආරක්ෂක බලකායට ලැබුණේ කෙසේදැයි යන්න ශ්‍රී ලංකාවේ පෞරාණික භාවයට ඇලූම් කරන්නන් විසින් ප්‍රශ්න කළ යුත්තකි.
එංගලන්තය වැනි රටවල පෞරානික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය යනු වෙනම විෂයක් ලෙස මේසන් ශිල්පීන් වඩු ශිල්පීන් විසින් ප්‍රගුණ කළ යුත්තකි. එවැනි දැනුමක් නොමැති අයට එම කාර්යයේ යෙදීම තහනම් ය.