Chitika Smowtion 468x60


Friday, June 22, 2012

ක්‍රිකට් අයිතිය CSN ට දුන්නාට MTV ලෙඩ අදියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහභාගීවන තරග විකාශය කිරීමේ අයිතිය CSN ආයතනයට පැවරීම අසාධාරණ සහ සදාචාර විරෝධී ලෙස සිදුකරන ලද්දක් බව පවසමින් අයිතිය පැවරීම වහා අවලංගු කර ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට වැඩි වාසියක් හිමිවන අයුරින් ඊට යළි මිල ගණන් කැඳවන ලෙස MTV ආයතනය ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

ඉදිරි වසර තුනේදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සත්තාරකත්වය දරණ මෙරටදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවල දේශීය රූපවාහිනී අයිතිය CSN නාලිකාවට පැවරිමට ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් MTV ආයතනය පසුගිය මැයි 22 වැනිදා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ලිපියකින් දැන්වූ අතර එයට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා ජුනි 7 වැනිදා එවූ පිලිතුරු ලිපියයේ සඳහන් වන්නේ අදාළ රූපවාහිනී විකාශන අයිතිය හිමිකර ගැනීම සදහා අයදුම් කරන ලෙස පුවත්පත් දැන්වීම් මගින් දැනුවත් කිරිමක් කළ බවය.


SLPL තරගාවලිය සදහා අනුග්‍රාහකයින් කැඳවීමේ දැන්වීම් සම්පුර්ණ පිටුවක් ලෙස ජාතික පුවත්පත් තුනකම පල කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබු නමුත් මෙම දැන්වීම් පල කර තිබී ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දැන්වීමක් ලෙස රැකියා ඇබෑර්තු පිටුවේය.

එබැවින් MTV ආයතනයට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය දන්වා තිබෙ
 පුවත්පත් නිවේදනය සැබවින්ම පාඨකයා නොමග යවන හා සැබෑ තොරතුරු අනාවරණ නොවන ආකාරයෙන් පළ කර ඇති බවත්, එක් ලන්සුවක් පමණක් සැළකිල්ලට ගෙන රූපවාහිනි විකාශන අයිතිය පැවරීමට ගත් තීරණය අවලංගු කර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ඉහළ මුදලක් උපයා ගත හැකිවන අයුරින් යළි සෙසු තරගකාරී ආයතනවලට ද ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදෙන ලෙසත්ය.











Source: http://www.gossip9.com/2012/06/csn-mtv.html#ixzz1yVU1NEP5

Share this article with your friends