Saturday, July 21, 2012
කහවත්තේ තවත් මවක් හා දියණියක් පුළුස්සා දැමූ නිවෙසක් හමුවේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹේ !
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මවක් හා දියණියක් පිලිස්සී ගිය නිවෙසක් 19 අළුයම කහවත්ත පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මව හා දියණිය තනිව මෙම නිවසේ වාසය කර තිබූ අතර මියගිය කාන්තාවගේ සැමියා මීට ස්වල්ප කාලයකට පෙර මියගොස් ඇත. මියගිය තරුණියගේ සහෝදරයන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව ආරංචි මාර්ග පවසයි. මෙම තරුණිය කහවත්ත ප්‍රදේශයේ පුද්ගලික වෙලෙදසැලක සේවයේ නිරතව සිට ඇත.
19දා අළුයම කහවත්ත පොලීසිය සිද්ධිය වූ ස්ථානයට යන විටද නිවස ගිනිගනිමින් තිබූ අතර අවට වාසීන්ගේද සහය ඇතිව ගින්න නිවූ පොලීසිය පරීක්ෂණ ආරම්භ කල අවස්ථාවේ මෙම පිලිස්සී ගිය දෙදෙනාගේ මළසිරුරු හමුවී තිබේ. මෙම මරණ බොහෝදුරට මිනිස් ඝාතන වියහැකි බවට පොලීසිය සැක කරයි.
මෙම සිද්ධිය පිලිබද රසපරීක්ෂණ වාර්තා හා ඇගිලි සලකුණු ලබාගැනීම පිණිස කොළඹින් පොලිස් විශේෂඥයින් පිරිසක් කහවත්ත බලා පිටත්ව ගියහ.
මෙම ද්විත්ව මරණ සිදුවූ ස්ථානයට මේ වන විට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරිය පැමිණ සිටින අතර මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹීමට නියමිතය.
මෙම සිද්ධියෙන් පිලිස්සී මියගොස් ඇත්තේ 63 හැවිරිදි මව හා 32හැවිරිදි දියණිය වන අතර අදාල නිවසේ කාමර දෙකක් මෙම සිරුරු සමග පිලිස්සී ගොස් ඇත.
මේ වන විට අදාල ස්ථානයට පොලීසිය මෙන්ම හමුදාවද යොදවා තිබේ.
එක දිගට කහවත්ත ප්‍රදේශයේ සිදුවන මෙවන් අභිරහස් මිනිස් ඝාතන වල අවසානයක් තවමත් නැතිබවත් කහවත්ත ජනතාව පවසයි.
මීට සති කිහිපයකට පෙරද සහෝදරියන් දෙදෙනෙක් ඔවුන්ගේ නිවස තුලම මරා පුළුස්සා දමා තිබියදී කහවත්ත පොලීසිය මගින් සොයාගන්නා ලදී
-අනුර හොරේෂස්
Source - lakbima.lk
Comments

Post a new comment
Comments by IntenseDebate
කහවත්තේ තවත් මවක් හා දියණියක් පුළුස්සා දැමූ නිවෙසක් හමුවේ.
2012-07-21T02:13:00+05:30
Admiral
අපරාධ|සමාජ|