Saturday, July 21, 2012
දැරිය දූෂණය කළ කෝටිපති පුතා ඇතුළු පස් දෙනාට ඇප
නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි පාසල් දැරියක පැහැර ගෙන ගොස් ලැගුම්හල්වල සිරකර දූෂණය කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැරයන්වරයකු හා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු ඇතුළු පස් දෙනා මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කළාය. ඒ අනුව සැකකරුවන් හතර දෙනෙකු හට රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 25,000 බැගින් මුදල් ඇපද ලැගුම්හල වෙනුවෙන් පෙනී සිටි සැකකරු හටරුපියල් 75000ක ශරීර ඇපද නියම විය.
මෙම සැකකරුවන් වූයේ පොලිස් සැරයන් අජිත් විතාන,එම්.මොහොමඩ් පිරාජ්,එම්.ජේ.එම්.සාහීර්,මිල්රෝයි හා සාමිවෙල් රගුනාදන් යන පස් දෙනයි. නාවලපිටිය නගරය ආසන්නයේ වෙළෙදසලකට පැමිණ සිටි මෙම පාසල් දැරිය මුලින්ම රවටා පැහැර ගෙන ගොස් තිබුණේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු හා ත්‍රීරෝද රථ රියදුරෙකු විසිනි.
එස්.ඩී.රාජනායක - ගම්පොළ
Source - lakbima.lk
දැරිය දූෂණය කළ කෝටිපති පුතා ඇතුළු පස් දෙනාට ඇප
2012-07-21T02:05:00+05:30
Admiral
අපරාධ|සමාජ|