Chitika Smowtion 468x60


Sunday, August 12, 2012

තත්පර 30ක් ගිනි අඟුරු මත සිටීමේ කාලෝගේ ලක්ෂ 10 අභියෝගය එක් අයෙක් බාර ගනී


ශ්‍රී ලංකා හේතුවාදී සංගමය සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් පසුගිය 29 වෙනිදා 'ලක්බිම ඉරිදා සංග්‍රහය' මගින් ඉදිරිපත් කරන ලද ගුප්ත බලයක් තිබෙන බව ඔප්පු කළහොත් ලක්ෂ 10 ක් පිරිනමන බවට කරනු ලැබූ අභියෝගය පිළිගැනීමට එක්තරා මහතෙකු ඉදිරිපත්ව සිටී. දේවාලයක් බාර කපු මහතකු වන ඔහු ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ඉදිරියේ, මේ සඳහා සිය කැමැත්ත පළ කළේය. මේ අනුව ඔහු විසින් නියමිත දිනයේ දී මෙම කොන්දේසි මාලාවේ අංක 1 වන ගිනි මැලයක් මත්තෙහි තත්පර 30 ක් නොපිළිස්සී සිටගෙන සිටීමේ අභියෝගයට මුහුණ දීමට නියමිතය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියෝග සම්බන්ධ නීති රීති වලට අනුව අභියෝග 12 ක් එක අභියෝගයක් හෝ ජයගැනීම රුපියල් ලක්ෂ 10 දිනා ගැනීම සඳහා ප්‍රමාණවත්ය. අදාළ කපු මහතා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිලධාරී මණ්ඩලය සමග කරන ලද සාකච්ඡාවේදී ඔවුන්ගේ සියලු කොන්දේසි වලට එකඟ වූ අතර, දැනට ඉතිරිව ඇත්තේ එම ගිනි පෑගීම සිදු කරන ස්ථානය තීරණය කර ගැනීම පමණි. මෙම අභියෝගයට මුහුණ දෙන අවස්ථාව විනිශ්චය කරනු පිණිස ලක්බිම පුවත් පත් ආයතනයේ මාධ්‍යවේදියෙකු, ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නියෝජිතයකු සහ විශ්‍රාමික විනිසුරුවරයෙකු සහභාගී වනු ඇත. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණ සහයෝගයද ලබා ගනු ඇත.
ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ‍ලේකම් තාරක වරාපිටිය (0727449599) සභාපති සුරපාල (0777295200) සහ ‍‍‍ජ්‍යෙෂ්ඨ සාමාජික අමුණුගොඩ (0773119398) යන මහතුන්ට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැක.

තිස්ස ප්‍රේමසිරි   


Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=1024:-30-10-&catid=48:2012-04-02-08-50-52&Itemid=75

Share this article with your friends