Chitika Smowtion 468x60


Sunday, August 12, 2012

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ඇරඹෙයි


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවය පෙරේදා පස්වරු 7.30 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.සමාරම්භක උත්සවය විචිත්‍රවත් කිරීම සඳහා ජනප්‍රිය රෙගේ ගායක මැක්සි ප්‍රීස්ට් සහභාගී වූ අතර එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ගායකයෙකු වන අර්ජුන් කුමාරස්වාමි ද එම අවස්ථාවට සහභාගී විය.

ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ආරම්භය සටහන් කරමින් පළමු තරගය නැගෙනහිර නාග සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම් අතර අද දිනයේ පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 4ට ආරම්භවීමට නියමිතයි. අද දිනයේ පැවැත්වෙන දෙවැනි තරගය පැවැත්වෙන්නේ බස්නාහිර කි‍්‍රකට් ඩන්ඩි සහ කඳුරට වොරියස් කණ්ඩායම් අතරයි. එම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ රාත‍්‍රී 8ට ආරම්භ විමට නියමිතයි.

ඊයේ දිනයේ 
පැවති සමාරම්භක උත්සවය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කල අතර මේ සියල්ල අතරේ slpl.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබුණි.බොහෝ දෙනා මෙය ඉන්දියාවේ ක්‍රිකට් ලෝලියෙකු විසින් කරන ලද්දක්යයි සැක කලත් එය එසේ නොවන බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.

slpl .lk 
හැක් කල හැටි ,SLPL සමාරම්භක උත්සවයේ ජායාරුප එකතුව හා තරඟ කල සටහන බලන්න පහතින් 



slpl .lk හැක් කල හැටි 

 

SLPL සමාරම්භක උත්සවයේ ජායාරුප







Source: http://www.gossip9.com/2012/08/blog-post_11.html#ixzz23H6ElzND

Share this article with your friends