Chitika Smowtion 468x60


Sunday, August 12, 2012

සවුදි කාන්තාවන් ඔලිම්පික් හි තරඟ වැදුනු අයුරු

සවුදි අරාබියේ කාන්තාවන් සඳහා ක්‍රීඩා කිරීමේ නිදහස ලබදීම පිළිබඳ ආරංචිය මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන ආවා. 

ඔවුන් එලෙස ක්‍රීඩා කිරීමට නීතියෙන් ඉඩක් ලද්දේ පසුගිය ජූනි මාසයේ දීයි. එම අයිතීන් උපරිමයෙන් භුක්ති විඳිමින් ඔවුන් මේ දිනවල පවත්වන ඔලිම්පික් ක්‍රීඩා සඳහා ද සහභාගි වුණා.

නමුත් ඔලිම්පික් කමිටුව වෙත ඔවුන් පැවසුවේ හිජාබ් හෙවත් හිස්වැසුම් නොමැතිව ක්‍රීඩා කිරීමට එකඟ නොවන බවත් හිජාබය පැළඳීමට අවසර නොදෙන්නේ නම් ක්‍රීඩා සඳහා ඉදිරිපත් නොවී ආපසු සිය මව් රට බලා යන බවයි.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කරමින් මින් පෙර කිසිවිටෙකත් හිස් වැසුම් පැළඳීමට ඉඩ නොදුන් ජූඩෝ ක්‍රීඩාවට ඒ අනුව හිජාබය පැළඳ ක්‍රීඩා කිරීමට මෙවර අවසර දෙනු ලැබුවා.

සාරා අත්තාර් මෙලෙස මීටර් 800 ඉසව්වෙන් පසුගියදා තරඟ වැදුන අතර සම්පූර්ණ වටයක පරතරයක් තිබියදී මුල් වටයේ තරඟ වලින්ම පරාජයට පත් වී තිබෙනවා. ඒ සඳහා ඇය වැයකොට ඇති කාලය විනාඩි 2යි තත්පර 44.95 ක්.

අත්තාර් තරඟ වැදුනේ මේ ලෙසයි.






මේ අතර ජුඩෝ ඉසව්වෙන් තරඟ වැදුන වුඩ්ජාන් සර්කානි ද තම ප්‍රථම වටයේ තරඟයෙන්ම පරාජය වී තිබෙනවා. මෙලිසා මොජිකා අතින් මෙලෙස පරාජයට පත් වුනේ විනාඩියක් පුරාවට පමණක් තරඟ වදිමින්.

තමන් ජුඩෝ ක්‍රීඩාව ඉගෙනගත්තේ රූපවාහිනියේ තරඟ නැරඹීමෙන් පසුව බව සර්කාරී විසින් මීට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබුනා.
 

වුඩ්ජාන් සර්කානි තරඟ වැදි අයුරු. 







කෙසේ නමුත් මොවුන් පවසන්නේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණය නොකලත් මෙලෙස තරඟ වැදීමට ඉඩ ලැබීම තමන් ලැබූ ලොකුම ජයග්‍රහණය බවයි. ඒසේම ඔලිම්පික් ඉතිහාසයේ සෞදියෙන් මුලින්ම තරඟ වැදුන කාන්තාවන් ලෙස ඔවුන් වාර්තාගත වී තිබීම මහත් සතුටට කරුණක් බවත් පවසනවා.






Source: http://www.gossip9.com/2012/08/blog-post_7402.html#ixzz23H2Y6Ab9

Share this article with your friends