Chitika Smowtion 468x60


Sunday, August 12, 2012

ෆේස්බුක් මගින් අපහාස කිරීමට එරෙහිව රජය නීති ගෙන ඒමේ සුදානමක්


ෆේස්‌ බුක්‌ හා වෙනත් සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු කරන චරිත ඝාතන හා අපහාස පිලිබඳ පැමිණිලි රැසක් ජනමාධ්‍යය අමාත්‍යංශයට ලැබී ඇති බවත් එම චරිත ඝාතන වලට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි.


ලංකාවේ චරිත ඝාතන හා අපහාසවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නීති පනවා ඇත්තේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට පමණක්‌ වන හෙයින් ඉදිරියේදී ෆේස්බුක් අතුලුලු අනෙකුත් චරිත ඝාතන සිදු කරන වෙබ් අඩවිවලට ද නීති සකස්‌ කිරීමට අවධානය යොමුවී ඇති බවත් තාක්‍ෂණයේ දියුණුවත් සමඟ සිදුවන මේ අයහපත් ක්‍රියාවන් පිළිබඳව අද මුළු ලෝකයම අපහසුතාවට පත්ව ඇති බවද කෙහෙළිය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශකොට තිබුණි.







Source: http://www.gossip9.com/2012/08/blog-post_12.html#ixzz23KK9vxeG

Share this article with your friends