Chitika Smowtion 468x60


Friday, October 5, 2012

ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පංසල් 10ක් ගිනි තබයි


ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.

අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.

29දා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර 30 උදේ දක්වා මෙම විනාශ කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා.

බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ වෙනත් අයෙකුගේ ගිණුමක වූ ජායාරූපයක් තරුණයකු විසින් ඔහුවම ටැග් කර තිබෙන බවයි.

ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් සිටින්නේ 1%කටත් අඩු පිරිසකි.

ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වී සිටින මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේනව.

අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි.

විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්.
























Source: http://www.gossip9.com/2012/10/10.html#ixzz28Q1eRYtc

Share this article with your friends