Chitika Smowtion 468x60


Sunday, November 11, 2012

බන්ධනාගාරයෙන් තවත් මළ සිරුරු11ක්

මියගිය ගණන 27යි!
අනූශා සොනාලිගේ සැමියා ඇතුළු 3ක් ප්‍රහාරය මෙහෙයවලා!



වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම මේ වනවිට විශේෂ කාර්ය බලකාය පොලිසිය හා යුධ හමුදාව එක්ව සිදු කරන අතරවෙඩි වැදී තැන තැන වැටී මරුමුවට පත් රැදවියන්11කගේ මළ සිරුරුද හමුවී තිබේ. ඒ අනුව මේ වනවිට සොයාගත් මළ සිරුරු ප්‍රමාණය 27කි. ඉන් 16ක් අද අලුයම කොළඹ ජාතික රෝහලට ගෙනවිත් තිබිණි.



අවි රැසක් අතුරුදන්

බන්ධනාගාරයේ ආයුධ ගබඩාවෙන් ටී 56 අවි 68ක් පැහැරගෙන තිබෙන අතර ඉන් ඉතා සුලු ප්‍රමාණයක් හැරුනුකොට අනෙක් සියල්ල තවමත් සොයාගෙන නැත.ඒවා අතුරුදන්ය.




මාලන් ඇතුලු පිරිසක් ප්‍රහාරය මෙහෙයවලා

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි මාලන්,මහරගම කලු තුශාර තොටලග පොන්න කපිල ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් විසින් ප්‍රහාරය මෙහෙයවා ඇතැයි මූලික විමර්ශණ මගින් අනාවරණය වී තිබේ. "මාලන්"නැමැත්තා කලකට පෙර ජනප්‍රිය සිනමා නිළියක වූ අනූශා සොනාලිගේ සැමියා බවද බන්ධනාගාර ප්‍රකාශකයෙක් පවසයි.




සේනාධිනායකට වෙඩි තබා තිබෙන්නේ මාලන්

ඊයේ(10)රාත්‍රී මාලන් තවත් පුල්ගලයින් කීප දෙනෙක් සමග පැහැරගත් ටී56 ගිනි අවි අතැතිව බන්ධනාගාරයෙන් එළියට බැස අසල වූ ත්‍රීවිලරයකට නැගී සතර අතට වෙඩි තබමින් පලා යන්නට උත්සාහ කොට තිබේ.
විශේෂ කාර්ය බලකායේ සේනාධිනායක රණවන මහතාට,හා සෙසු හමුදා,පොලිස් මෙන්ම සිවිල් වැසියන්ට තුවාල සිදුව තිබෙන්නේ මාලන් ඇතුලු පිරිස එල්ල කළ ප්‍රහාර මගින් බව වාර්තා වේ. ඒ මොහොතේ ආරක්ෂක අංශ මගින් එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් මාලන් ඇතුලු 7දෙනෙක් ත්‍රීවීල් රථයේම මරණයට පත්ව තිබේ. එම ත්‍රීවීල් රථය මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විදුලි සංඥා පුවරුව අසල තිබේ.




මියගිය ‍බොහොමයක් මත්කුඩු ජාවාරම් කරුවන්

කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාරය පරීක්ෂා කටයුතු සිදුවන අතර හමුවූ සිරුරු වලින් කිහිප දෙනෙකුම ප්‍රදාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ බවට හදුනාගෙන තිබේ.
අතුරුදන් අවි හා තුවාලකරුවන් සොයා 200කට වැඩි නිලදාරීහු පිරිසක් මේ වනවිට බන්ධනාගාරයේ පරීක්ෂා කරති.




- ගයාන් කුමාර වීරසිංහ

(ඡායාරූප - ලක්මාල් වසන්ත)




Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=3926:-11&catid=34:news&Itemid=62

Share this article with your friends