Chitika Smowtion 468x60


Wednesday, November 14, 2012

යුද පිටියක් වූ වැලිකඩ සිරගේ පිළිසකර ඇරඹේ


දැවැන්ත අලාභ හානියක් සිදු වූ වැලිකඩ බන්ධනාගාරයේ පිළිසකර වැඩ දැන් ඇරඹී තිබේ. ඉකුත්දා හටගත් වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරයේදී රුපියල් කෝටි 6 ක පමණ අලාභ හානියක් බන්ධනාගාරයට සිදු වී තිබේ. එම හානියට අදාළ පිළිසකර වැඩ දැන් ලහිලහියේ ආරම්භ වී තිබේ. බන්ධනාගාර ගොඩනැගිලි කිහිපයක වහල මත නැගුණු සිරකරුවන් වහළ සෙවිළි කර තිබූ උළු කැට කඩා පහරදීම නිසා වහළ අළුතින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු යොදා සෙවිළිකරන්නට පටන් ගෙන ඇත. සිද්ධිය වූ දින රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව නිසා උළු කැට ඉවත් කළ ගොඩනැගිලි වලට විදුලිය ලබා දුන් විදුලි උපකරණ සියල්ලම වතුර කාන්දු වීම නිසා විදුලිය ඇණහිටියේය.
එබැවින් විදුලි පද්ධතිය නැවත සකස් කෙරෙමින් පවති. වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ රාජකාරි කාමරයේ සහ නිල රථයේ වීදුරු කැඩී විනාශ වී ඇත. බන්ධනාගාරයේ වතුර මෝටරයද කඩා දමා තිබේ. එසේම සිරකරුවන්ගේ කුටිවල යතුරු කඩා තිබීම නිසා ඔවුන් කුටිවලට යොමු කිරීමේ අපහසුතත්වයක් ද බන්ධනාගාරය තුළ පවති. සිරකරුවන් උසාවි ගෙන යාමේදී යොදන දම්වැල් හා අත් මාංචු වලටද හානි වී ඇති නිසා රාජකාරි කටයුතු බාධා මැද සිදු කරන බව අනාවරණය වෙයි. කෙසේ නමුත් හැකි ඉක්මනින් සිරකරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ආරක්ෂාව තහවුරු නොකළහොත් විවිධ ප්‍රශ්න මතුවන්නට ඉඩ ඇතැයි බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

- රන්මලී සෝමසිරි



Source - http://lakbima.lk/index.php?option=com_content&view=article&id=4022:2012-11-13-07-30-18&catid=34:news&Itemid=62

Share this article with your friends