Chitika Smowtion 468x60


Wednesday, November 14, 2012

තාත්තා මතක නැතිවූ සුපර් ස්ටාර් පුත්‍රයා

නැසී ගිය ජනකාන්ත ගායකයන් දහ දෙනෙකුගේ ගීත ඔවුන්ගේ පුත්‍රයන් හා වෙනත් අය ගායනා කරන ප්‍රසංගයක් පසුගියදා මියුසියස් විදුහලේ රඟහලේදී පැවැත්වුණා.

එහිදී ජෝතිපාලගේ ගීත ගයන්නට යොදවා තිබුනේ සුපර් ස්ටාර් තරඟයේදී එළිදැක යලි නිහඬව සිටි ගායකයෙක්. ඔහු මෑතක් වන තුරු විදේශයක සිටි බව සැළයි.

තම පුත්‍රයා ගී ගයනු බලන්නට පියා ඈතක සිට පැමින සිටි අතර පුතා විදේශගතව සිට ආ පෙම්වතියද සමඟ මෝටර් රියකින් පැමිණ සිටියා.



පියාට ටිකක් ඉන්නැයි අතින් සංඥා කර ඔහු වේදිකාව පසුපසට ගියත් බොහෝ වේලාවක් යනතුරුත් පියාව ශාලාවට ඇතුළු කිරීමට පැමිණියේ නැහැ.

ප්‍රසංගයට සම්බන්ධ තරුණයන් දෙදෙනෙකු ගායකයාට පියා ගැන මතක් කළ විට ඔහු කීවේ සෙනඟ වැඩි නිසා එතැනට ගියොත් තමා වටකරගන්නට ඉඩ ඇති බවයි.

එසේ කියා ඔහු පියාව ගනනකට වත් නොගෙන සිටීම ගැන කම්පාවූ අර තරුණයන් දෙදෙනා සෙනඟ අතරින් ගොස් ගායකයාගේ පියා ශලාවට කැඳවා අසුන් ගන්න සැලැස්වුවා.

ප්‍රසංගය අවසන් වූ නමුත් ගායකයා කෙලින්ම පියා වෙත ආවේ නැහැ. ඔහු කෙලින්ම ආවේ තම පෙම්වතිය බව කියන කාන්තාව රිය තුලට නැංවීමෙන් පසුවයි.

අනතුරුව පැමිණ වචන දෙක තුනක් පියා සමඟ ඕනෑවට එපාවට කතා කළ ගායකයා පෙම්වතිය සමඟ රියට නැඟී පලා ගියා. පියා යන්නේ කොහොමදැයි යන්නවත් ඔහු ඇසුවේ නැත. පියාව නංවාගන බස් නැවතුමකින් ඇරලවන්නට හෝ ඔහු කටයුතු කළේ නැත.

රසික පිරිස විසින් කිරුළු පළඳවන්නේ මොවුන්ටදැයි යන ප්‍රශ්නය එය බලන් සිටියන්ගේ හිතට නැඟුනි.

එච්.ආර් ජෝතිපාල යනු තම මෑනියන්ට මෙන්ම පියාටද උපරිමයෙන් ගරු බුහුමන් දැක්වූ, දේශයේ ජනප්‍රිය ගායකයා වී සිටියදී පවා තම මෑනියන්ට මෙන්ම පියානන්ටද ගරුබුහුමන් දැක්වූ කෙනෙකි.

ජනප්‍රිය ගායකයෙකු වී සිටියදීත් පියා එනවිට තමා ඉඳ සිටි අසුනෙන් නැඟිට සිටින ජෝතිපාල වැනි ගායකුගේ ගීත ගැයීමට මෙවන් ගායකයෙක් යෙදවීමද කණගාටුවට කරුණකි.

මීට කලකට පෙර නිට්ටඹුවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමේදී එහි සංවිධායකගේ දියණියගේ ඉල්ලීම පිට ඉහත කී ගායකයාත් සංගීත ප්‍රසංගයට ගෙන්වාගන තිබුණේ අධික මුදලක් ගෙවීමෙන් පසුවයි.

ඔහු ගීත කිහිපයක් ගැයූ පසු නරඹන්නන්ගේ ඉල්ලීම පිට තවත් ගීතයක් ගයන ලෙස සංවිධායකයා කී විට එසේ නම් තවත් මුදලක් ගෙවිය යුතු බව පවසා තිබේ.

එසේ නම් තවත් ගීතයක් අනවශ්‍ය බව පවසා ගායකයාව වේදිකාවෙන් බිමට බස්සවාගත් සංවිධායකයා ඔහුට වේගවත් කම්මුල් පහරක් එල්ල කර තිබුනේ "බොළඳ කෙල්ලන්ගේ එස්.එම්.එස් වලින් තරු බවට පත්වී අනුන්ගේ ගීත ගයා දහස් ගනන් මුදල් ලබාගන්නවා මදිවට එක ගීතයක් වැඩිපුර ගයන්නටත් අදිමදි කරන ඔහු වැන්නවුන්ට දුවගේ ඉල්ලීම මත හෝ තම ප්‍රසංගයට ගෙන ඒම වරදක්" බව කෑගැසීමෙන් අනතුරුවයි. පසුව ඔහු ගුටිකා පලා ගොස් තිබුණි.
 
Updated:
අප වෙත වාර්තා වෙන්නේ තාත්තා මතක නැතිවූ එම සුපර් ස්ටාර් පුත්‍රයා "අමිල පෙරේරා" බවයි.








Source: http://www.gossip9.com/2012/11/blog-post_2559.html#ixzz2CBX6VR4m

Share this article with your friends