Chitika Smowtion 468x60


Wednesday, November 14, 2012

කුස තුල වැඩුණු අසාමාන්‍ය ජීවියෙක් !



ඉන්දියාවේ නාග්පූර් ප්‍රදේශයේ විසූ 36 හැවිරිදි සංජු භගත් වෘත්තියෙන් ගොවියෙකි. ඒ පළාතේ මිනිසුන් අතර භගත් කැපී පෙනුනේ ඔහුගේ අසාමාන්‍ය ලෙස විශාලව තිබූ උදරය නිසාය. ඔහු කුඩා කල පටන්ම උදරය විශාලව තිබූ අතර ඔහුගේ වයසින් වැඩීමත් සමග උදරයද ප්‍රමාණයෙන් විශාල වී අවසානයේ නවමස් පිරුණු ගැබිනියකගේ කුස මෙන් දිස්වන්නට විය. උදරය විශාල වීම හේතු කොටගෙන සිරුරේ ඉහළ කොටසට ඇතිවූ තෙරපුම හේතුවෙන් ඔහු හුස්ම ගත්තේද අපහසුවෙනි.
1999 ජුනි මස ඔහුගේ තත්ත්වය හදිසියේම බැරෑරුම් වූයෙන් ඔහුට රෝහල් ගත වීමට සිදුවිය. සංජුව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහුගේ කුස තුළ විශාල ගෙඩියක් (ඊභථධභප) ඇති බවත් එය වහා සැත්කමක් මගින් ඉවත් කළ යුතු බවත්ය.
මුම්බායි ටාටා රෝහ‍ලේ වෛද්‍ය අජේ මෙහෙතා සැත්කම කිරීමට සූදානම්ව, කුස තුළ ඇති ගෙඩියේ අධික විශාල බව හේතුකොට ගෙන සැත්කමේදී බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඊටද සූදානමින් සිටිය යුතු යැයි සැත්කම සිදුකරන කාර්ය මණ්ඩලයට කල්තියා උපදෙස් දුන්නේය.

වෛද්‍ය මෙහෙතා පැවසුවේ, ගෙඩියක් කපා ඉවත් කරන සැත්කමකදී සාමාන්‍යයෙන් ඔහුට ගෙඩිය ඇති ස්ථානය කපා බැලූ සැනින්ම දැක ගත හැකිවන බවය. එහෙත් සංජුගේ සැත්කම සිදුකිරීමේදී ඒ තත්ත්වය වෙනස් විය. සංජුගේ උදරය ටිකින් ටික ගැඹුරටම කපා බැලුවද ඔහු දුටු ගෙඩියක් නොවීය. ඒ වෙනුවට උදරයේ කැපුම තුළින් එක්තරා දියරයක් විශාල ප්‍රමාණයෙන් පිටතට ගලා ගියේය.

ඊළඟට සිදුවූයේ ඔවුහු කිසිවෙකුත් බලා‍පොරොත්තු නොවූ පුදුමාකාර සිදුවීමකි. “මගේ බියටත් පුදුමයටත් වගේ කුස තුළ සිටි යමෙකුට මට තව ‍පොඩ්ඩෙන් අතට අතට දෙන්න සිදුවෙනවා. මට ඒ අත්දැකීම දරාගන්න අමාරු තරම්” වෛද්‍ය මෙහෙතා පැවසුවේය.

එදා ශල්‍යාගාරයේ සිටි වෛද්‍ය මෙහෙතාගේ කණ්ඩායමේ වෛද්‍යවරියක් සිද්ධිය විස්තර කළේ මෙසේය. “වෛද්‍ය මෙහෙතා රෝගියාගේ උදරයේ කැපුම තුළින් අත ඇතුළට දමා ඇටකටු ගොඩක් හසුවන බවක් පැවසුවා. ඊළඟට එක් අවයවයක් පිටතට ආවා. ඊළඟට තව එකක්. ඊටත් පසුව ලිංගේන්ද්‍රියක කොටසක් ආවා. ඊට පසු කෙස්, හකු ඇටය හා තව තවත් මිනිස් අවයව එළියට ආවා.”
සංජුගේ උදරය තුළ වූයේ හොඳින් වැඩුනු අත් පා සහිත, නිසි පරිදි නිර්මාණය නොවූ සජීවී මිනිස් සත්වයෙකි. ඔහුගේ දෑත් දෙපාවල නිය‍පොතු පවා බොහෝ දිගට වැවී තිබුණි. අපි භීතියටත්, පුදුමයටත් පත් වුණා. මොනව කරන්නද කියල අපට හිතාගන්න බැරි වුණා.” ඒ අවස්ථාව සිහිපත් කරමින් වෛද්‍ය මෙහෙතා පැවසුවේය.
2006 අගෝස්තු 23 ඒ ඕ ඛි ප්‍රවෘත්තිවල පිරිමි කුසක ජීවත් වූ මිනිස් ජීවියකු පිළිබඳ අරුම පුදුම පුවතක් ලෙස මේ සිද්ධිය වාර්තා වී තිබුණි. බැලූ බැල්මටම නම් පෙනුනේ සංජු දරුවකු බිහිකළ බවකි. වෛද්‍ය මෙහෙතා භගත්ගේ කුස තුළින් මේ අරුම පුදුම මිනිස් සත්වයා ඉවත් කළේය.

මෙය අරුම පුදුම සිද්ධියක් සේ පෙණුනද ඇත්ත වශයෙන්ම සංජු භගත් ගොදුරු වී තිබුණේ ලොව ඉතා කලාතුරකින් දැකිය හැකි විශ්මිත රෝගී තත්ත්වයකටය. එය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ කලලයක් තුළ කලලයක (ජ්ධඥබභදඵ ජ්ඥබභ) ලෙසිනි. මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි අසාමාන්‍ය තත්ත්වයකි. එබඳු තත්ත්වයක් ඇති වන්නේ නිවුන් දරු කලල අවස්ථාවේදී එක් කලලයක් අනෙක් කළලය ඇතුළතට කොටු වීමෙනි.
මේ අසාමාන්‍ය තත්ත්වය ගොදුරු වූ රෝගීන් මතෛක් වාර්තාවී ඇත්තේ 90 දෙනෙකු පමණකැයි වෛද්‍ය වාර්තාවල සඳහන් වෙයි.
මෙබඳු දුර්ලභ සිද්ධියක් 2005 ජුනි 27 දින ද වෙල් ටයිම්ඩ් පීරියඩ් (ඊඩඥ ඹඥතත- ඊඪථඥඤ ඥපඪධඤ) හිද වර්තා වී තිබුණි.

එහි සඳහන් වී තිබුණේ අවුරුදු 16ක් වයසැති පිරිමි ළමයකු ඒ වනතුරු ඔහුගේ නිවුන් සොහොයුරාව කුස තුළ දරාගන සිටි බවත් 2005 ජුනි 26 වන දින බැන්ගබන්දු ෂෙයික් මුජීබ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරුන් පිරිසක් පැය 4ක සැත්කමක් මගින් කි. ග්‍රෑ. 1.5 ක් බරැති ඒ ජීවියාව අබුරෙහාන් නමැති ඒ පිරිමි ළමයාගේ කුස තුළින් ඉවත් කළ බවත්ය. එම ජීවියාගේද අත්පා, හිසකේ හා ලිංගේන්ද්‍රියද වැඩී තිබුණු අතර හිස හා මොළය ඉතා කුඩාවට පිහිටා තිබි ඇතැයිද සඳහන් වේ. සැත්කම සාර්ථක වූ බවත් අබු රෙහාන් නිරෝගී සුවයෙන් පසුවන බවත් එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණි.

කලලයක් තුළ කලලයක් වැඩීම සිදුවිය හැක්කේ නිවුන් දරු පිළිසිඳ ගැනීමක මුල්ම අවධියේදීය. එහිදී එක් කලලයක් අනෙක් කලලය ආවරණය කර ගනිමින් වැඩෙයි. එහිදී වඩා ප්‍රබල වූ කලලය ක්‍රමයෙන් මෝරා වැඩෙද්දී එහි ඇතුළතට කොටු වූ කලලය, තමාව ආවරණය කර ගනිමින් වැඩෙන ජීවියාගෙන් පර‍පෝෂිතයෙකු මෙන් ‍පෝෂණය උරා ගනිමින් වැඩෙයි. සාමාන්‍යයෙන් මිනිස් කලලයක් මවගේ ශරීරයෙන් වැදෑමහ හරහා ‍පෝෂණය වන්නාක් මෙන්, මෙම සිරවූ කලලයටද දරු උපතින් පසු වැදෑමහට (තචජඥදබච) සමාන යමක් නිර්මාණය කර ගනිමින් තමාව දරා සිටින ජීවියාගෙන් ‍පෝෂණය ලබමින් වැඩීමට පුළුවන. බොහෝ විට සිදුවන්නේ එකම වැදෑමහකින් ‍පෝෂණය උරා ගනිමින් ජීවීන් දෙදෙනෙකු වැඩීම හේතුකොට ගෙන දරු උපතට පෙරම ජීවීන් දෙදෙනාම මිය යාමයි.
එහෙත් සංජු භගත්ගේ සිද්ධියේදී මෙන් සමහර අවස්ථාවලදී ජීවීන් දෙදෙනාම නොමැරී මව්කුසින් බිහිවෙයි. බිහිවූ පසුද බිහිවූ දරුවාගෙන් ‍පෝෂණය වෙමින් ඇතුළත ඇති කලලයද ජීවත් වෙයි. මෙසේ ඇතුළත සිටින ජීවියා පර‍පෝෂිතයෙකු මෙන් ‍ලේ උරා බොමින් ක්‍රමයෙන් විශාල වෙමින් වැඩීම හේතුකොට ගෙන එක්තරා අවස්ථාවකදී තමාව දරාගෙන ඉන්නා ජීවියාට හානිදායක තත්ත්වයක් ඇති කරයි. සංජුට සිදු වූවක් මෙන් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ සහය පැතීමට සිදුවන්නේ මේ අවස්ථාවේදීය.

මෙහිදී සංජුගේ සිද්ධිය අතිශය අසාමාන්‍ය සිද්ධියක් සේ සැලකෙන්නේ අවුරුදු 36ක් යනතුරුම කිසිවෙකුටවත් ඔහු තුළ නිවුන් ජීවියා වෙසෙන බව සොයා ගැනීමට නොහැකිවීම නිසාය.
සැත්කමින් පසු සංජුට පෙර නොවූ විරූ සුවයක් දැනුණි. වෛද්‍යවරු තමාට සිදු කළ සැත්කම පිළිබඳව දැන ගැනීමට හෝ, ඔහුගේ කුසින් ඉවත් කළේ කුමක්ද කියා දැක ගැනීමට හෝ සංජු ට අවශ්‍ය නොවීය.
කුස තුළ තිබි ඉවත් කළ දේ දැකීමට ඔහු කැමති උනේ නැහැ. මොකද ඒක දැකීම හිතට බිය උපදවන්නක්” වෛද්‍ය මෙහෙතා පැවසුවේය.
සාමාන්‍යයෙන් ස්ත්‍රී ගර්භාෂයක කලලයක් වැඩීමේදී ‍පෝෂණය ලබාගැනීම සඳහා මවගේ රුධිර සංසරණ පද්ධතිය හා සම්බන්ධ වන්නේ වැදෑමහ (තචජඥදබච) හරහාය. එහෙත් සංජුගේ කුස තුළ වැදෑමහක් නොවීය. ඒ වෙනුවට කලලය කෙළින්ම ඔහුගේ රුධිර සංසරණ පද්ධතිය හා සම්බන්ධව සිටියේය.

සැත්කම නිමවූ වහාම සංජුට දැනුණු වේදනා හා ශ්වසන අපහසුතා සියල්ල අතුරුදන් විනි. ඔහු ඉක්මනින්ම සුවය ලැබුවේය.
සංජු භගත්ගේ මේ සිද්ධිය වෛද්‍ය ඉතිහාසයේ සිදුවූ පුදුමාකාර සිද්ධියක් ලෙස වෛද්‍යවරු සැලකුවද සංජුගේ පැත්තෙන් මෙය ඔහුට මහත් ලැජ්ජාවක් ගෙන දුන් කාරණයක් විය. මන්ද, ඔහුගේ උදරයේ විශාල බව නිසාම ඔහු ගැබ්ගෙන ඇතිවාක් මෙන් පෙනෙන්නේ යයි ගම්මු නිතරම දයා විරහිතව ඔහුට උසුළු විසුළු කළ බැවිනි. ෙදෙවයේ සරදමකට මෙන් ගම්මු කළ විහිළු කතාවේ එක් ආකාරයක සත්‍යතාවක්ද විය.
අද ඔහු නිරෝගී සාමාන්‍ය දිවියක් ගත කළද තවමත් ඉඳහිට ගම්මුන්ගේ උසුළු විසුළුවලට ලක්වෙයි. දැන් ගම්මු විසුළු කරන්නේ, රෝහ‍ලේ නේවාසිකව, සිට සැත්කමකට භාජනය වීමෙන් පසුව ඔහුට බබා ලැබුණු බව කියමිනි.









Source - http://lakbima.lk/index.php?option=com_content&view=article&id=4014:2012-11-13-06-08-12&catid=52:samudura&Itemid=76



Share this article with your friends