- එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක.
ආණ්ඩුවේ 8 වැනි අයවැය ලේඛනය ඉකුත් සතියේ ප්‍රකාශයට පත්වුණා. එ.ජා.ප. මහ ලේකම්වරයා වශයෙන් කොහොමද ඔබ එය දකින්නේ?
ආණ්ඩුවේ මුල් අයවැයේ සිට මෙවර ප්‍රකාශයට පත්වූ 8වැනි අයවැය ලේඛනය දක්වාම තිබෙන්නේ නිකන්ම නිකන් කතන්දර ගොඩක් විතරයි. හරියටම කියනවා නම් මහජනතාවට සීනි තවරලා දුන්න තිත්ත අබිං ගුලියක් වගේ දෙයක්. ඒ කියන්නේ බොහොම රසවත් වචන ටිකක් තියෙනවා. හැබැයි ඒ වචනවල ඇතුළාන්තය හිස්. ඒ වගේම තමයි මේ අයවැය ලේඛනයේ සමස්තය ගත්තම ජනතාවගේ සියලු අපේක්ෂාවන් බිඳවැටිලා.ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා වූ සහනයක් එහෙමත් නැත්නම් ජනතාවගේ අතමිට සරුකරන ආර්ථික සැලැස්මක්, නිෂ්පාදකයන්ට යම් දිරිගැන්වීමක් නැත්නම් ගොවිකම්කරු ජනතාවට යහපතක් සැලසෙන ක්‍රමවේදයක් වැනි කිසිම දෙයක් මේ අයවැය ලේඛනයේ සඳහන් වෙලා නෑ. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ පසුගිය අයවැය ලේඛන හතෙන්ම ජනතාවට මේ විදියටම නොයෙකුත් මාදිලියේ සැලසුම් ඉදිරිපත් කර තිබුණත් ඒවායේ ප්‍රතිඵල ජනතාවට භුක්තිවිඳීමට හැකියාවක් ලැබි නෑ. ඉතින් ආණ්ඩුව මෙදා සැරේ ඉදිරිපත් කර තිබෙන්නෙත් ඒ සුපුරුදු මාදිලියේම සිහින අයවැයක්.
ඒ කියන්නේ ආණ්ඩුව ලබන වසරේ අයවැය හිඟය පියවීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන ඔබ තුළ කිසිම විශ්වාසයක් නැති බවද?
කොහොමද අපි ඒ ගැන විශ්වාසයක් රඳවන්නේ? පසුගිය වසර හත පුරාම ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනවල සඳහන් හැම ඉලක්කයකම අරමුණ වගේම ප්‍රථිඵලය වුණෙත් පාර්ලිමේන්තුව නොමග යැවීමයි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ සත්‍ය අයවැය නොවෙයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුවේ නිල අයවැය එකක්. නිල නොවන අයවැය තව එකක්. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවට පැමිණ සම්ප්‍රදායානුකූලව ඉදිරිපත් කළ නිල අයවැය ලේඛනයේ තිබෙන්නේ නිකන් කතන්දර ගොඩක් විතරයි. ඒත් ආණ්ඩුවේ සැබෑ අයවැයේ යථා ස්වරූපය ඒක නොවෙයි. අන්න ඒ නිල නොවන අයවැය තමයි ජනාධිපති කාර්යාලය විසින් මහා භාණ්ඩාගාරය හරහා මෙහෙයවනු ලබන්නේ, ඇත්තටම මේ අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරපු ගණන් හිලවු සේරම වැරදියි. පසුගිය වසර හතක පමණ කාලය තුළ ආණ්ඩුව විසින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අද අපේ ආදායමෙන් ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්වෙලා. ඇත්තෙන්ම කියනවා නම් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව සහ ආකාර්යක්ෂමතාව මත මුළු රටම ණය උගුලක පටලවා තිබෙනවා. ආණ්ඩුව විසින් ලබාගත් ණය ගෙවීම සඳහා තව තවත් ණය ගන්නවා.
එතකොට මහබැංකු වාර්තාවේ සඳහන් සංඛ්‍යා ලේඛනත් වැරදිද?
ඉස්සර මහ බැංකු වාර්තාවේ සඳහන් සංඛ්‍යා ලේඛන ගැන ජනතාව තුළ ලොකු විශ්වාසයක් තිබුණා. මහ බැංකුව ස්වාධීන ආයතනයක් හැටියට රටක මූල්‍ය ආයෝජනයන් ගැන වගේම රජයේ භාණ්ඩාගාර ගනුදෙනු ගැන සමබර විග්‍රහයකයි එදා මහබැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වුණේ. කොටින්ම එදා මහ බැංකු වාර්තාවේ සඳහන් සංඛ්‍යා ලේඛන සියයට 100කින්ම නිවැරදි හැටියට මුළු රටේම ඉතා හොඳ පිළිගැනීමක් තිබුණා. ඒත් අද මොකක්ද ඇතිවී තිබෙන තත්ත්වය? අද මුළු මහත් මහ බැංකු ක්‍රියාවලියම බරපතළ විදියට දේශපාලනීකරණය වෙලා. අද මහ බැංකු අධිපතිවරයාගේ සිට මුළුමහත් මහ බැංකු ක්‍රියාවලියම ක්‍රියාත්මක වන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් මතයි. එහෙම වුණාම මහ බැංකු වාර්තාවේ සඳහන් සංඛ්‍යා ලේඛන ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ? අද පාර්ලිමේන්තුවට මුදල් පාලන අයිතිය තියෙන්නේ නමට පමණයි. ඒ මුදල් අයිතිය විධායකය විසින් පාර්ලිමේන්තුවෙන් පැහැරගෙනයි මේ හැම දෙයක්ම කරන්නේ. මුල් කාලයේ පත්වූ හැම ආණ්ඩුවක්ම මහ බැංකුවේ සියලුම පත්වීම් සිදුකෙරුවේ වෘත්තීය මට්ටමට මුල්තැන දීලා. ඒත් ඒ ක්‍රමවේදය අද මහ බැංකුවේ නෑ. අද මහ බැංකුව තුළ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කෙරෙන්නෙත් අන්න ඒ අඩුපාඩුව නිසයි.
ඉතින් ඔබ කියන විදියට ආණ්ඩුව කොහොමද ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම නමැති යථාර්ථයට මුහුණ දෙන්නේ?
පසුගිය වසර හත මුළුල්‍ලේම ආණ්ඩුව අයවැය හිඟය පියවාගැනීම පිළිබඳව අයවැයෙන් ප්‍රකාශිත දේ නොවෙයි කෙරුවේ. ආණ්ඩුව හැකි හැම අවස්ථාවකදීම විදේශ ණය ලබාගෙන තමන් හමුවේ පැවැති මූල්‍ය අර්බුදය වසා ගත්තා. ආණ්ඩුවක් වාණිජ පදනමක් මත පොලියට ණය ගන්නේ නෑ. ඒත් අද චීනයෙන් ඒ වගේම පෞද්ගලික බැංකුවලිනුත් ඉතා ඉහළ පොලියට ණය ලබාගන්නවා. වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව මතෛක් ලබාගෙන ඇති හැම ණය මුලක්ම ලබාගෙන තිබෙන්නේ පෞද්ගලික බැංකුවලින්. ඒක තමයි රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී තිබෙන්නේ. ආණ්ඩුව ඩ්.ඉ.ඕ.ඛි බැංකුවෙන් ඩොලර් මිලියන 900ක ණය මුදලක් ලබාගෙන තිබෙන්නේ සම්පූර්ණයෙන්ම වාණිජ පදනමක් මතයි. අඩුම වශයෙන් 1994දී බලයට පත්වූ චන්ද්‍රිකා ආණ්ඩුවවත් මේ විදියට වාණිජ පදනමින් ණය අරගත්තෙ නෑ.
ඒත් ආණ්ඩුව සඳහන් කරන විදියට ජනතාවගේ ඒකපුද්ගල ආදායම වැඩිවී තිබෙනවා. විදේශ මුදල් සංචිතය පෙරට වඩා ශක්තිමත්වී තිබෙනවා.
විදේශ මුදල් සංචිතය පෙරට වඩා ශක්තිමත් යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ රටේ අපනයන ආදායම වැඩිකරගෙන නොවෙයි. අද ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයවී ඇත්තේ ඇඟලුම් කර්මාන්තය හා විදේශ ශ්‍රම වෙළෙඳාමයි. වෙන මොන ආදායමද ආණ්ඩුව වැඩිදියුණු කරගෙන තිබෙන්නේ? ඒ විතරක් නමෛයි ආණ්ඩුව අද විදේශ වත්කම් පෙන්වන්නේ වාණිජ බැංකුවලින් ගත්තු ණය තැන්පත් කරලා. හැබැයි ඒ විදේශ සංචිතවල තියෙන්නෙත් ණය මුදල්ම තමයි. හොඳයි රටේ ඒකපුද්ගල ආදායම වැඩිදියුණුවී ඇත්නම් ජනතාවගේ ජීවන බර ටිකක් හරි අඩුවිය යුතු වෙනවා. එහෙමත් නැත්නම් රටේ ජීවන වියදම දරාගැනීමට ජනතාවට හැකිවිය යුතුව තිබෙනවා. ඒත් අද රටේ බහුතර ජනතාව කනවා නොවෙයි අත ලෙව කනවා.
ඉතින් ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දුන් රුපියල් 1500/-ක දීමනාව ඔවුන්ගේ ජීවන බරට සහනයක් නොවෙයිද?
ආණ්ඩුව රුපියල් 1500/-කින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බව කිව්වත් මුල් හය මාසයේදී ලැබෙන්නේ එයින් හරිඅඩක් පමණයි. ඒ රුපියල් 750/-ක මුදල දවස් 30ක් බෙදුවම දවසකට කීයද වැඩිවෙලා තියෙන්නේ. රුපියල් 25/-යි. ඉතින් ඒක ජනතාවගේ ජීවන බරට සහනයක්ද? අනිත් කාරණය තමයි රාජ්‍ය සේවකයන්ට එහෙමවත් මුදලක් වැඩි වුණාට පෞද්ගලික අංශයේ සේවකයන්ට මොකක්ද ලැබි තිබෙන සහනය.
ආණ්ඩුව කුඩා ව්‍යාපාරිකයන් වැට් සහ එන්.බි.ටී. බද්දෙන් නිදහස් කර තිබිමත් ඔවුන්ට ලබා දුන් දිරිගැන්වීමක් නේද?
ඉතින් කුඩා ව්‍යාපාරිකයන් ඒ බදුවලින් නිදහස් කරලා ඒ ව්‍යාපාරවලටම විදුලිබිල, ජලබිල වැඩි කෙරුවට ඔවුන්ට සහනයක් ලැබෙනවද? ආණ්ඩුව රුපියල්වලින් පඩිවැඩි කර පෙන්නුවත් ඒ මුදලෙන් ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩුවෙනවා නම් ඒ වැටුප් වැඩිවීම රාජ්‍ය සේවකයන්ට දැනෙන්නේ නෑ.
හොඳයි, ඔබ කියන්නේ ආණ්ඩුවේ නව අයවැය ලේඛනය මගින් මෙරට නිෂ්පාදකයන්ට කිසිම දිරිගැන්වීමක් ලැබි නැති බවද?
ආණ්ඩුව මේ රටේ නිෂ්පාදකයන්ට, ව්‍යාපාරිකයන්ට විවිධ දිරිගැන්වීම් ලබාදී ඇති බවට නොයෙකුත් ප්‍රකාශ කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් වී ගොවීන් සඳහා වී කිලෝවකට රුපියල් 40/-ක සහතික මිලක් නියම කර තිබෙනවා. හැබැයි ඒ සමගම සඳහන් කර තිබෙනවා ඒ රුපියල් 40/- සහතික මිල ලැබෙන්නේ කාබනික පොහොර යොදා වී වගා කරන ගොවීන්ට පමණයි කියලා. හොඳයි රජයේ යම් ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබෙනවාද ගොවි ජනතාවට කාබනික පොහොර ලබාදීම සඳහා. කාබනික පොහොර යොදාගන්නා වී ගොවීන් ඉන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. මේ ප්‍රකාශය අදහසක් හැටියට ඉහළයි. ඒත් ප්‍රායෝගික අතින් හිස් වචන ගොඩක් විතරයි. ආණ්ඩුව කියන්නේ එකක්. ඒත් ක්‍රියාත්මක වෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. දැන් බලන්න පාසල් ළමයින්ට නිල ඇඳුම් දෙනවා. පාවහන් දෙනවා කියා කියන ගමන්ම ඊළඟට කියනවා ඒ පහසුකම් ලබා දෙන්නේ හුදෙකලාවූ පාසල්වල ළමුන්ට විතරයි කියලා. ඉතින් මේ රටේ හුදෙකලා පාසල් තියෙන්නේ කීයෙන් කීයද? ළමයින් විසිපන්දාහකටවත් ආණ්ඩුව ඔය කියන පහසුකම් ලැබෙන්නේ නෑ.
ඉතින් ජූලි වර්ජකයන්ට රුපියල් 5000/-ක දීමනාවක් ලබාදීමට පියවර ගැනීමත් කාලෝචිත සහ අත්‍යවශ්‍ය ක්‍රියාවක් ලෙස ඔබ පිළිගන්නේ නැද්ද?
අද ජූලි වර්ජකයන් අතරින් ඉතාමත් සුළු පිරිසකුයි ජීවතුන් අතර ඉන්නෙත්. ජූලි වර්ජනයට සහභාගිවූ සෑහෙන පිරිසකට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ වන්දි ලබා දුන්නා. යළිත් රැකියා ලබා දුන්නා. අද වයස අවුරුදු 65ට වැඩි ජූලි වර්ජකයන් ඉන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. හැබැයි ඒ ඉතිරි වී සිටින සුළු පිරිසට රුපියල් 5000/-ක දීමනාවක් හෝ ලබාදීම හොඳ ක්‍රියාවක් තමයි. ඒත් පසුව නිකුත් කෙරෙන භාණ්ඩාගාර චක්‍රලේඛ මගින් යම් යම් සීමාබන්ධන පැනවෙන විට තමයි ආණ්ඩුවේ කෙරුවාව කොහොමදැයි ජනතාවටත් තේරුම් යන්නේ.
ඔබ කියන්නේ මෙවර අයවැය ලේඛනයෙන් ප්‍රකාශිත බදු ක්‍රමවලට අමතරව සැඟවුණු බදුත් ජනතාවගෙන් අයකර ගැනෙන බවද?
ඔව් ආණ්ඩුව අය කරන තරමක් අය කරගන්නේ සැඟවුණු බදු තමයි. හැබැයි ඒ බදු පනවන්නේ අයවැය ලේඛනයෙන් නොවෙයි. දැන් බලන්න මීට සතියකට කලින් පාන් වැඩි කෙරුවා. සිමෙන්ති මිල වැඩි කෙරුවා. පාරේ දුවන මෝටර් බයිසිකලයට ත්‍රිරෝද රථයට ලබාගත යුතු ආදායම් බලපත්‍ර ගාස්තුව වැඩිකෙරුවා. දැන් ආයෙමත් ලබන වසරේ සිට ආදායම් බලපත්‍ර ගාස්තු වැඩි කරන්න යනවා. අර කලින් සඳහන් කළ සියලු මිල වැඩිකිරීම් සිදුකෙරුවේ ගැසට් එකෙන්. ආණ්ඩුවට අවශ්‍ය සියලුම බදු හා මිල වැඩිකිරීම් ගැසට් එකෙන් කරලා ඊට පස්සේ බජට් එක ගේනවා. ඊළඟට කියනවා අපි ගෙනාවේ සහන බජට් එකක් කියලා. ඇත්තෙන්ම මේක ජනතාවට නොදැනී ජනතාවගේ මුදල් ගසාකන ප්‍රෝඩාකාරී ඇස්බැන්දුම් අයවැයක්. ඇත්තෙන්ම දැන් යුද්ධයක් නැති එකේ ආණ්ඩුවට යම් වගකීමක් තිබුණා ජනතාවට මීට වඩා සහන ලබාදෙන්න. ඒත් ආණ්ඩුව තමන් විසින් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු එම මහඟු කර්තව්‍යය අමතක කර ඉතාමත් සුළු පිරිසක් වන ඇස්ටන් මාටින් හා රේසින් වාහන පරිහරණය කරන තමන්ගේ එහෙයියන් පිනවීම සඳහා මුළු රාජ්‍ය තන්ත්‍රයම යොදවනවා.
- සාකච්ඡා කළේ - නිහාල් ජගත්චන්ද්‍ර

Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4062:2012-11-14-04-10-40&catid=62:2012-08-14-03-41-39&Itemid=84