Chitika Smowtion 468x60


Wednesday, November 14, 2012

ඉඩම් සංවර්ධන ඇමති හොර ඔප්පුවකින් රංගිරි දඹුලු ඉඩමක් ලියාගනී

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් දේශපාලන බලය හා මංත්‍රී වරප්‍රසාද යොදාගනිමින් නීති විරෝධී ලෙස රංගිරි දඹුලු රජමහා විහාරය සතු ඉඩමක් තමා සන්තක කරගෙන බුක්ති විඳිමින් සිටින බව රංගිරි දඹුලු මහනායක ඉනමලුවේ සුමංගල හිමියන් පවසනවා.

උන්වහන්සේ විසින් කොළබ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබෙන්නේ ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙසයි.


මාතලේ පාරේ යාපාගම පිහිටි අක්කර 4කට ආසන්න ප්‍රමාණයක් ඇති විහාර සන්තක ඉඩමක් මෙම ඇමතිවරයා විසින් තම නිවස හා කාර්යාලය වශයෙන් පවත්වාගන යන අතර ඒ සඳහා හොර ඔප්පුවක්ද සකසාගන තිබෙන බවයි එම ලිපියේ සඳහන් වෙන්නේ.

1872 ජූලි මස 09 වන දින ලංකා ආණ්ඩුවේ සර්වේ ජෙනරාල්වරයා විසින් මැන සහතික කළ අංක 87076 දරන හිමිකම් පිඹුරට ඇතුලත් එම ඉඩම අංගිරි දඹුලු විහාරය සතු පරවේනි පංගු දේපලකි.

තවද එම ඉඩම 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතට යටත් දේපොලකි.

බෞද්ධ විහාර දේවාලගම් පනතේ 27වන වගන්තියේ (1) උප වගන්තියෙන් සිද්ධස්ථානයක් සන්තක පරවේනි පංගුවට අයත් දේපලක් මිලදීගැනීමේදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියද දන්වා ඇතැයි එහි සඳහන්ය.

එම පටිපාටිය නම්,
'27 (1) සිද්ධස්ථානයකින් ලබාගන බුක්ති විඳින පරවේනි පංගුවක අයිතිවාසිකම් නිලකාරෞයා විසින් අන් කෙනෙකුට යම්කිසි විටෙක දෙනු ලැබේ නම්, එසේ දී මාසයක් ඇතුලත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ඒ බව පිටපත් දෙකකින් දැන්වීමක් ලියා යැවීම අයිතිවාසිකම් ලබාගත් අයගේ යුතුකමවේ.

නමුත් අදාල එකී පරවේනි පංගු ඉඩම මිලදීගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා පනතේ දක්වා ඇති ඉහත ඉටුකම ඉටුකර නැති අතර ඔහු විසින් සින්නක්කර ඔප්පුවක්ද අදාල ඉඩමට සකස් කරගන ඇති බවට දැනගන්නට ඇති අතර, එවැනි ඔප්පුවක් ලියා ඇත්නම් එය හොර ඔප්පුවක් බවද ලිපියේ සඳහන්ය.

එකී විහාරගම් දේවාල පනතේ 27 (3) යටතේ අදාල ඇමතිවරයා විසින් කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක් බවද, ඇමතිවරයා තම දේශපාලන බලය හා මංත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් කර ඇති මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසද උන්වහන්සේ සිය ලිපියෙන් ඉල්ලා ඇත.

රංගිරි දඹුලු විහාරස්ථානයේ ඉඩම් අන්‍යාගමිකයන් වෙත පවරාදීමක් වෙනුවෙන් මීට පෙරද ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයාට විරුද්ධව පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබුණා.

දඹුල්ල පූජා භූමි ඉඩම් වල සිටිනා ඉවත් කල යුතු තෝරාගත් පුද්ගලයන්ට විකල්ප ඉඩම් ලෙස දඹුල්ල රජමහා විහාරයට අයත් ඉඩම් කට්ටි 71ක් ලබා දීමට අවශ්‍ය කටයුතු දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබුනද ජනක බණ්ඩාර තෙන්නකෝන් එම කටයුත්ත නවතා දමන ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරියට උපදෙස් දීම නිසා එම කටයුතු නවතා දමා තිබූ බව පසුගිය කාලයේ වාර්තා වුණා. 






Source: http://www.gossip9.com/2012/11/blog-post_5914.html#ixzz2CBXgbbMS

Share this article with your friends