Chitika Smowtion 468x60


Thursday, February 7, 2013

‘හලාල්’ මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා අත්පත්‍රිකා


හලාල් සලකුණ සහිත භාණ්‌ඩයක්‌ රු. 20 බැගින් වැඩි මිලකට අලෙවි කරන බැවින් එම භාණ්‌ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස සඳහන් වූ අත් පත්‍රිකාවක් මාවනැල්ල ප්‍රදේශය පුරා බෙදා හැර ඇත.

අපේ වෙළෙඳ පළේ හලාල් සලකුණ සහිත භාණ්‌ඩ වර්ග 4500 ක්‌ ඇති බවත් ජනතාව මුළාකර එක්‌තරා අන්තවාදී ආගමික සංවිධානයක්‌ ජනතාවගේ මුදල් ගසා කෑම සිදුකරන බවත් එම අත්පත්‍රිකාවේ සඳහන් වෙයි.


මෙම හලාල් සහතිකය ලබාදෙන සංවිධානය වසරකට රුපියල් 78,75,00.000 ක්‌ උපයා ගන්නා බවත් මේ සඳහා සිංහල දෙමළ මුස්‌ලිම් සියලු ජනතාව මෙම ව්‍යාපාරය ගැන නොදන්නාකම නිසා දායක වන බව එම පත්‍රිකාවෙන් තවදුරටත් අනාවරණය කර තිබේ.

මෙම හලාල් සහතිකය පිරිනැමීම සඳහා වර්ෂයකට රුපියල් 175,000 ක මුදලක්‌ එක්‌තරා සංවිධානයක්‌ මගින් අය කරන බවත් හලාල් සංස්‌කෘතියට අයත් අයෙකු එම ආයතනය තුළ සේවය කිරීම ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හලාල් විය යුතු වීම ඇතුළු කොන්දේසි ගණනාවක්‌ ඇතැයි පැවැසේ.



Source - http://www.thambapanne.net/?p=16138

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends