Chitika Smowtion 468x60


Tuesday, January 31, 2012

කොළඹින් පිටත අධිවේගී මාර්ගයේ තෙවෙනි අදියර ඇරඹේ


කොළඹින් පිටත අධිවේගී මාර්ගයේ තෙවෙනි අදියර ආරම්භ කළ බව මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

කොළඹින් පිටත අධිවේගී මාර්ගය කොට්ටාවෙන් ආරම්භවී හෝමාගම, කඩුවෙල, බියගම, මහර, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා කෙරවලපිටියෙන් අවසන්වේ.

එනම් සම්පූර්ණ මාර්ගයේ දුර කිලෝමීටර් 29.1ක් වන අතර මෙම මාර්ගයේ උපරිම වේගය 80Km/h කි. මෙය අදියර 3කින් ක්‍රියාත්මක වේ.

පළමු අදියර - කොට්ටාව සිට කඩුවෙල දක්වා - කි.මී.11කි
දෙවන අදියර - කඩුවෙල සිට කඩවත දක්වා - කි.මී.8.9කි
තෙවන අදියර - කඩවත සිට කෙරවලපිටිය දක්වා - කි.මී.9.2කි

මෙම මාර්ගය කොළඹ නුවර මාර්ගයට කඩවතදී සම්බන්ඳ වන අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට කෙරවලපිටියේදී සම්බන්ඳ වේ. තෙවන අදියර යටතේ එම කොටස ඉදිකරනු ලැබේ.

පසුගිය නොවැම්බර් 27වෙනිදා ජනාධිපතිතුමා විසින් විවෘත කළ අධිවේගී මාර්ගයේ කොළඹ කොට්‌ටාව සිට ගාල්ල පින්නදූව දක්‌වා කිලෝ මීටර් 95.2ක් වූ අතර වියදම්වූ මුළු මුදල රුපියල් බිලියන 85කි. මේ අනුව එක් කිලෝමීටරයක් සඳහා වැය වූ මුදල මිලියන 890කි.

මේ වන විට ආරම්භ කර ඇති කඩවත සිට කෙරවලපිටිය දක්වා වන කිලෝමීටර් 9.2ක දුර සඳහා පමණක් රුපියල් බිලියන 33ක් වැය කිරීමට නියමිතය. එනම් එක් කිලෝමීටරයක් සඳහා වියදම මිලියන 3,587කි. කලින් මෙන් 4 ගුණයකි.

එම තෙවන අදියරේ මාර්ග සටහන පහත පරිදිය.



මාර්ග සටහන විශාල ප්‍රමාණයෙන් මෙතනින් බලන්න.

-


Source: http://www.gossip9.com/2012/01/blog-post_7664.html#ixzz1l1mSsGP3

Share this article with your friends