Tuesday, May 8, 2012
පෙරහැරේ යන අලින්ට හිංසා
වෙසක් දිනට පසුදින (ඉරිදා) හික්කඩුවේ ජනනන්දාරාම විහාරයේ 108 වන වරට පැවති පෙරහැරට රැගෙන ආ හස්තියකුට හෙණ්ඩුවෙන් ඇණීම නිසා තුවාල සිදුවීම හේතුවෙන් එම හස්තියා පෙරහැරට සහභාගී කරගැනීමට නොහැකිව බැඳ තබන ලදි.
එම අලියාගේ කන ආසන්නයට තුවාල සිදුවී තිබෙන අතර හස්තියා රැගෙන ආ පොල් අතු මිටිය බිම වැටුනු විට ඌට අමානුශික ලෙස පහරදී ඇති අතර පසු අවස්ථාවක හෙණ්ඩුවෙන්ද පහරදී තිබෙනවා.
මෙය දුටු පිරිස් දැඩි ලෙස කම්පාවට පත්ව ඇති අතර ඇත්ගොව්වාගේ මෙම ක්‍රියාවට බලවත් විරෝධය දක්වා තිබෙනවා. අවිහිංසාවාදී ආගමක් වන බුදුදහමේ නිර්මාතෘවරයා සිහිකිරීම උදෙසා පවත්වන්නාවූ උත්සවයන්හිදී මෙසේ අහිංසකයන් හිංසනයට ලක්වීම බොදු දනන් කිසිලෙසකත් අනුමත නොකරන අතර ලංකාව තුල ඉදිරියෙදී පැවැත්වීමට නියමිත පෙරහැර මංගල්‍ය වල මෙවන් ක්‍රියා සිදුවීම වැලැක්වීමට පියවර ගන්නේනම් පෙරහැර සංස්කෘතිය මෙන්ම වටිනා අලි සම්පතද රැකගැනීමට හැකි වනු ඇත.
ඇත් හිමියන් තම හස්තීන්ට වන්නාවූ මේ දුක්ගැහැට ගැන සොයා නොබලනවාදැයි සැකයක් මතුවන්නේ ගෙදර ඇතිකරන බල්ලාගේ මැක්කන් පෙනේ නම් හ්ස්තියකුගේ ලේ වැගිරෙන තුවාලයන්, කඳුලු නොපෙනීමට හේතුවක් නැති නිසාවෙනි. හස්තියා කාගේදැයි අපි නොදනිමු, ඒත් ඌට මෙන්ම දහස් ගණනකගේ හිත් ද රිදුනු බව අපි හොඳාකාරවම දුටිමු.
මීට සංවේගයට පත් හික්කඩුව ජනතාව
Source: http://www.gossip9.com/2012/05/blog-post_2074.html#ixzz1uDaU5Clr
පෙරහැරේ යන අලින්ට හිංසා
2012-05-08T02:04:00+05:30
Admiral