සුළිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු නොවන බවත් දැන් එය ඉන්දියාව දෙසට හැරී ඇති බැවින් සුළි කුණාටු මගෙහි පදිංචි පුද්ගලයන් ඉවත් කිරීම සදහා පෙර දින කළ අනතුරු ඇඟවීම මීට සුළු වේලාවකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කළේය.
අධික වර්ෂාව සමඟ අවාසනාව මෙන්ම අරුම පුදුම සිදුවීම් මෙන්ම වාසනාවද රැගෙන ආ පුවතක් කන්තලේ හා හන්දපාන්ගල ප්‍රදේශවලින් වාර්තාවේ.
කන්තලෙන් මැණික් ඉල්ලමක් මතුවෙයි
මීට දින තුන හතරකට පෙර සිට කන්තලේ මහවැව ඉස්‌මත්තේ වැව් පිටියෙන් ලක්ෂ ගණන් වටිනා මැණික් කැට මතුවීමට පටන්ගෙන තිබීම නිසා විශාල පිරිස් මේ දිනවල වැව්පිටියේ තැන් තැන්වල කල්ලි ගැසී මැණික් සොයනු දක්‌නට ලැබේ.මහ වර්ෂාවද නොතකා ඔවුන් කල්ලි ගැසී මැණික් සොයනු ලබන්නේ ඔවුන්ගේ වාසනාව උරගා බැලීමේ අරමුණින්.
එහි මැණික් සොයන්නන් පවසන්නේ මෙවන් කතාවකි
"මේවා අපිට දෙයියෝ දෙන වස්‌තුව. මේ මැණික් නිසා විදේශ විනිමය ලැබෙනවා. වැවට හානි නොවන සේ අපි මේ ව්‍යාපාරය කරගෙන යනවා. මේකට අපිට ඉඩදෙන්න. ගියපාර වගේ මේක තහනම් කරන්න එපා"
කන්තලේට මාළු වැස්සක්
ඊයේ (29) හදිසියේම නගර මධ්‍යයේ ලීලාරත්න ක්‍රීඩාංගණයට වර්ෂාව මධ්‍යයේ අගල් 3-4ක් දිගැති හිරිකණයි හා පෙතියන් වර්ගයේ වැව් මාලු ද ඇද හැලෙන්නට පටන් ගෙන තිබේ. ක්‍රීඩාංගණයේ තැන තැන මෙවැනි මත්ස්‍යන් දැකගත හැකිව තිබූ අතර දිය අගල් තුළට එම මසුන් පීනා යනු දැක ගත හැකිව තිබුණි.
හඳපානාගල වැවෙන් අරුම පුදුම මාළුවෙක්
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් හඳපානාගල වැවෙන් අරුම පුදුම මාළුවෙක් හමුවී ඇත. මේ සත්වයාගේ ශරීර කොටස මාළුවකු සේ වන අතර කට හා දත් කිඹුලෙකුට සමානය.
ප්‍රදේශයේ ධීවරයන් පවසන්නේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්‌ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතිය හැකි බවයි. දිග අඩි 2 ක්‌ද බර කිලෝ 01 ග්රෑම් 382 ක් වන මෙම මාළුවා ඊයේ සවස හමුවී ඇත්තේ ධීවරයකුටය. මේ පිළිබඳව පරීක්‍ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී ඇත.
Source: http://www.gossip9.com/2012/10/blog-post_2619.html#ixzz2AnSRPizT