එක්සත් ජනපදය තුල වෙසෙන ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ සාධාරන දුක්ගැනවිල්ලක් තමන් හමුවට ඉදිරිපත් කරන ලෙස සැමවිටම සඳහන් කරන ශ‍්‍රී ලංකා තානාපතිවරයා එසේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙකු රාජ්‍යතාන්ත‍්‍රික පොලීසිය වෙත භාරදුන් ආකාරය පිලිබද පුවතක් එම තානාපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
තම සොහොයුරා කුප‍්‍රකට සුදුවෑන් රථයක් මගින් පැහැරගෙන ගොස් කිසිදු ආරංචියක් නොමැතිව අසරන වී සිටි ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකු, එම කරුණ තානාපතිවරයාට සැලකොට යම් සහනයක් ලබාගැනීමේ අරමුණින් තානාපති කාර්යාලයට දිනපතා දුරකථන ඇමතුම් ලබාදී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම තානාපතිවරයාගේ ලේකම්වරියවන ‘ජෙනා’ නැමැත්තිය එම පණිවිඩය ලබාගෙන තානාපතිවරයා සමග සාකච්ඡා කොට නැවත ඔහු අමතන බවට පොරොන්දු වී තිබේ. නමුත් දින කිහිපයක්ම ඇය පොරොන්දුවූ ආකාරයට කටයුතු නොකිරීම නිසා අදාල පුද්ගලයා තම සියලූ වැඩ පසෙකලා වොෂින්ටනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ ඇත.
එසේ පැමිණි පුද්ගලයා පැය කිහිපයක් බලාහිද අවසානයේ තානාපතිවරයා හමුවී ඇති අතර ඔහුගේ දුක්ගැනවිල්ල සම්බන්ධයෙන් කිසිවක් තමාට කළ නොහැකියැයි තානාපතිවරයා පැවසූ විට එකී පුද්ගලයා තානාපතිවරයාට පවසා ඇත්තේ ‘‘ජනාධිපතියි, ආරක්ෂක ලේකම්තුමයි ඔබතුමාගේ කිට්ටුම නෑයෝ. ඔබතුමාට මේ වැඬේ කරන්න බැරිනම් මේ වැඬේ කරන්න පුලූවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නෑ.’’ යනුවෙනි. මෙයින් මහත් කෝපයට පත්වී ඇති තානාපතිවරයා ‘‘මගේ යකා අවුස්සන්නේ නැතිව එලියට බැහැල යනවා.’’ යැයි පවසමින් අදාල පුද්ගලයා පන්නාගෙන ඇත. එවිට ඒ ආකාරයෙන්ම ප‍්‍රතිචාර දක්වා ඇති එම පුද්ගලයා හා තානාපතිවරයා අතර දරුනු බහින් බස්වීමක් ඇතිවී තිබේ.
එම බහින්බස්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස තානාපතිවරයාගේ අණින් තානාපති කාර්යාලයේ ආරක්ෂක අංශ රාජ්‍ය තාන්ත‍්‍රික පොලීසිය කැඳවා පැමිණිලිකාර ශ‍්‍රී ලාංකිකයා භාරදී තිබේ. එම අවස්ථාවේදී හැමටම ඇසෙන ලෙස එම ශ‍්‍රී ලාංකිකයා පවසා ඇත්තේ ‘‘මේවට තමයි කියන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා වගේ’’ කියා කියමින් පොලීසිය සමග පිටත්ව ගොස් තිබේ.
වොෂින්ටනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට එරට ශ‍්‍රී ලාංකිකයන් පවසන්නේ ‘ශ‍්‍රී ලංකා ටී හවුස්’ කියාය. ඊට හේතුවී ඇත්තේ තානාපති වික‍්‍රමසූරිය මහතාගේ ‘ටී බිස්නස්’ වැඩ සියලූම දේ සිදුකරන්නේ තානාපති කාර්යාලයේ වීමයි. මෙම කි‍්‍රයාවන්ට විරෝධය දක්වමින් තානාපතිවරයාගේ හිටපු ලේකම්වරියවන ‘හිනායා’ මහත්මිය ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වී ඇති අතර ඉන්පසු තානාපතිවරයා විසින් ඇමරිකානු ජාතික සුදු කාන්තාවක්වන ‘ජෙනා’ නැමැත්තිය සේවයට බඳවාගෙන තිබේ. ඇය සිදුකරන්නේ තානාපති අංශයේ කටයුතුවලට වඩා තානාපතිවරයාගේ තේ බිස්නස් කටයුතු බව තානාපති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සමුලූවට ඇමරිකාව විසින් ගෙන ආ යෝජනාවට විරෝධයපාන ලෙස තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා ඇමරිකාව තුල සිටිමින්, එහි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් ඒ සඳහා පෙළඹවීම මගින් ‘‘ඇමරිකානු පක්ෂපාතීත්වයේ ප‍්‍රතිඥාව’’ සහමුලින්ම උල්ලංඝනය කිරීම තුලින් රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු පිළිබදව ඔහුගේ ඇති ඔලමොට්ටලකම මැනවින් ප‍්‍රදර්ශනය වනබව ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ මතයයි.
Source - lankanewsweb.com