Chitika Smowtion 468x60


Monday, May 21, 2012

සරත් ෆොන්සේකා නිදහස්..!


5:19pm
ජනතාව වෙනුවෙන් කැපවෙනවා 
මින් ටික වේලාවකට ප්‍රථම සරත් ෆොන්සේකා මහතා විසින් පරෙවියෙකු නිදහස් කල අතර ජනතාව අමතනු ලැබුවා.එහිදී ඔහු කියා සිටියේ තමාට සිදුවූ අසාධාරණයට ජනතාව සාධාරණයක් කරනු ඇති බවයි.

මින් ඉදිරියට ජනතාව වෙනුවෙන් කැපවෙන බවත් වසර දෙකහමාරක් දේශපාලන වෛරයකට පාත්‍ර වුනත් මින් ඉදිරියට ජනතාව දිගින් දිගටම රැඳී සිටින බවත් රටේ දැනට පවතින දුෂණ ක්‍රියාකාරකම් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියා.තමාගේ ධෛර්ය කඩා වැටි නොමැති බවද ඔහු ජනතාව හමුවේ පැවසුවා තමා වෙනුවෙන් උදේ සිට රැස්ව සිටි පිරිසට ස්තුති කිරීමටද ඔහු අමතක කලේ නැහැ.

05:08pm
වැලිකඩ බන්ධනාගාරය ඉදිරියට දිවයිනේ විවිවධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් රොක් වී ඇති අතර දේශපාලන නායකයන්ද ආගමික නායකයන්ද ඒ අතර වනවා.ඇතැම් පිරිස් ජාතික ධජ ගෙන පැමිණ ඇති අතර ඇතැම් පිරිස් පරෙවියන් නිදැහැ කිරීමට රැගෙනවිත් තිබෙනවා.
මේ අතර සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන නායකයින් විවෘත රථයකින් ගමන් කරමින් සිටිනවා.සරත් ෆොන්සේකා මහතා තව ස්වල්ප වෙලාවකින් ජනතාව ඇමතීමට නියමිතයි.

සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් අතරතුර ජායාරූප එකතුවක්

අසම්මත ප්‍රේමයකින් වෙලෙන තරුණියකගේ චරිතයට පන පොවන උපේක්ෂා ස්වර්ණමාලි "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය පිළිබඳව පසුගියදා පවසා තිබුනේ "හැම චිත්‍රපටයකින්ම කළේ මාව අඬවන එකයි. නමුත් මේකේ කිසිම තැනක මම අඬන්නේ නෑ" යනුවෙනි.

එම චිත්‍රපටය රූගතකිරීම් අතරතුර උපේක්ෂා ස්වර්ණමාලිට ඇබැද්දියකට මුහුණපාන්නට සිදුවූ පුවතක් මීට පෙර අප ඔබට ගෙනාවා. "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් කරන අතරතුර ගත් ජායාරූප එකතුවක් පහතින්.




දීපාලි විජේසුන්දරට විශේෂ ආරක්ෂාවක්


හිටපු මහාධිකරණ විනිසුරු හා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියට හා ඇයගේ පවුලේ සමාජිකයින්ට පූර්ණ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශට තීරණය කර තිබෙනවා

තමන්ට හා තම පවුලේ සාමාජිකයින්ට ජීවිත තර්ජන එල්ලවී ඇතැයි දීපාලි විජේසුන්දර මහත්මිය ආරක්ෂක අංශ වලට කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුවයි මෙලෙස විශේෂ ආරක්ෂාව ආරක්ෂාවක් සපයා ඇත්තේ. 


ගුරු මාරුව ගැන තවත් අදහසක්


  • රට පුරා සුදුකොඩි ඔසවන විශාල විපතක් 
  • රාජ්‍ය බලයට ඇතුළතින්ම විශාල හාස්‍යයක් ඇතිවන කාලයකි
  • විපක්ෂයේ ප්‍රගතියට වින කටින නායකයන් විසිවේ 
  • රාත්‍රී සමාජ ශාලා බහුල වේ. සූදුවට මිනිසුන් පෙළඹෙන පරිසරයක්
  • ෆොන්සේකා ගැන ආයෙත් රටම කතා කරයි
  • අලුතෙන් බිහිවූ විපක්ෂයක් ජනතාව අතර වැඩි කතා බහට 
පහුගිය 17 වනදා සිදුවූ ගුරු මාරුව පිළිබඳව ජ්‍යෝතිශවේදී මංජුල පීරිස් මහතා දැක් වූ අදහස් මීට පෙර ලිපියෙන් පල කලා. නමුත් ඔහුගේ ප්‍රකාශයන්ට සපුරා විරුද්ධ අදහසකුයි ජ්‍යෝතිශවේදී පී.ඩී.පෙරේරා මහතා දරන්නේ. මෙම ලිපිය මව්බිම පුවත්පතේ පලවී තිබුනේ ගුරු මාරුවට දින 4කට කලිනි.

මේ ඔහුගේ අදහස්.

Sunday, May 20, 2012

IPL තරඟ පාවා දෙන්නට අපේ ක්‍රීඩකයෙකුට රු. කෝටි 24 ක්


ඉන්දීය දූෂණ මර්දන ඒකකය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් හට තරඟ පැරදවීම සඳහා මුදල් ලබා දුන් බවට සැක කරමින් ඉන්දීය ඔට්ටු කරුවන් වන සෝනු යෝගේන්ද්‍ර ජාලන් සහ දේවේන්ද්‍ර කෝතාරි පසුගිය 17 වන දින අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ සෝනු යෝගේන්ද්‍ර පවසා තිබෙන්නේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු ටද එලෙස මුදල් ලබා දුන් බවයි. ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 10 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 24ක් පමණ) ශ්‍රී ලාංකීය ක්‍රීඩකයාට ලබා දුන් බව ඔහු පවසා තිබෙනවා.

එසේම ඉන්දීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ද මෙලෙස මුදල් ලබා දුන් බව ඔහු නාගරික දූෂණ මර්දන ඒකකය හමුවේ වැඩි දුරටත් පවසා තිබෙනවා.

කොළඹ රතිඤ්ඤා ඉවරයි


කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව ඇති වෙළෙඳසල්වල තිබූ රතිඤ්ඤා සියල්ලක්ම පාහේ පසුගිය සිකුරාදා දහවල් වන විට විකිණී අවසන්වී තිබෙනවා.

සාමාන්‍යයෙන් රතිඤ්ඤා තොග මේ ආකාරයට හදිසියේම විකිණීමක් මෙවැනි කාලයක සිදුනොවන බැවින් බුද්ධි අංශ මෙන්ම ආරක්ෂක අංශද ඒ ගැන යම් සොයා බැලීමක් කිරීමට පියවර ගෙන තිබුණා.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ නිදහස්වීම ප්‍රකාශයට පත්වනවිටත්, ඔහු නිදහස ලබා ජනතාව අමතන විටත් දල්වා සතුට පළ කිරීමට එසේ රතිඤ්ඤා මිලදී ගැනීම් සිදුව තිබෙන බවත්, පාට පක්ෂ බේදයකින් තොරව ජනතාව රතිඤ්ඤා මිලදීගෙන ඇති බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.


අප්සරා සහ අපර්ණා ශ්‍රී ලංකාවට: පියා දැක බලාගනී


ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට යන බව සැලවීමත් සමග ඇමරිකාවේ පදිංචිව සිටි අපර්ණා ෆොන්සේකා සහ අප්සරා ෆොන්සේකා දියණියන් දෙදෙනා ලංකාවට පැමිණියහ. අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ඔවුහු අද දහවල් කොළඹ නවලෝක රෝහලට ගොස් සිය පියා දැක බලා කතා බහ කළහ. අප්සරා ෆොන්සේකා තම පියා සිරගත කළ පසුව වසර දෙක හමාරක් තිස්සේ ඔහුව දැක බලා ගෙන නැත. සේයාරූ වලින් දැක්වෙන්නේ දියණියන් දෙදෙනා පියා බලා ගැනීමෙන් පසු රෝහලින් පිටතට පැමිණි අවස්ථාවයි.

ෆොන්සේකාට සමාව දීම ගැන රාජපක්ෂලා අතර කඹ ඇදිල්ල


ෆොන්සේකාට සමාව දීම ගැන රාජපක්ෂලා අතර කඹ ඇදිල්ල නීතිමය ප්‍රශ්නයක් ලෙස කරළියට

සරත් ෆොන්සේකා නිදහස් කිරීමට රාජපක්ෂ පවුල තුල ඇතිවී ඇති අර්බුදය නීතිමය ප්‍රශ්නයක් ලෙස මතු කර ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. ඒ අනුව ෆොන්සේකා විසින් සුදු කොඩි නඩු තීන්දුවට එරෙහිව පවරා ඇති අභියාචනය ඇතුළු අභියාචනා ඉවත් කර ගත යුතු බව පැවසේ.

රෙජීමාධිපති මරා දැන් තැන තැන කියන්නේ ෆොන්සේකා හිර කරන්න යැයි කීවේත් අද නිදහස් කරනවාට විරුද්ධ වන්නේත් ඇමැතිවරුන් බවයි. ගෝඨාභය ෆොන්සේකා නිදහස් කරන ලෙස තමාට බල කරන බවද ඔහු පවසයි. මේවාට මරාවාදී මාධ්‍යකරුවෝ ඉහළ ප්‍රචාරයක් ලබා දෙමින් සිටී.

මේ කතාව ගැන ඇමැතිවරුන් අමු තිත්ත කුණු හරුපයෙන් රාජපක්ෂලාට බැන වදිමින් සිටිති. රාජපක්ෂ පවුලේ පලිගැනීමේ චේතනාව නිසා සරත් ෆොන්සේකා හිරේ දමා දැන් එය ඇමැතිවරු පිටින් යැවීම ගැන ඔවුන් දැඩි සේ කෝප වී සිටිති. ෆොන්සේකා මරා දමන බව කියමින් 'I ll hang him' කියා බීබීසියට ඛෙරිහන් දුන්නේ ඇමැතිලාද ගෝඨාභය දැයි එක් ඇමැතිවරයෙක් 
අප වෙබ් අඩවිය වෙතින් ප්‍රශ්න කෙළේය. කැබිනට් එකේදී කිසිදු කතාවක් කතා නොකොට සමාව දීමට කැබිනට් අනුමැතිය දුන්නා යැයි රාජපක්ෂලා කරන ප්‍රචාරය ගැනද ඔවුහු කෝප වී ඇති අතර හිරේ දාන්න ලබා ගත් කැබිනට් අනුමැතිය කුමක්දැයි විමසති. 

Share this article with your friends