Chitika Smowtion 468x60


Tuesday, December 13, 2011

අධිවේගයේ වාහන වලට ගල් ප්‍රහාරයක්



දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්න වාහන වලට රාත්‍රී කාලයේ ගල් ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ. 

කුරුදුගහහැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ ඇති කන්ද උඩ සිට මෙම ගල් ප්‍රහාර එල්ල වී ඇති බව එම ප්‍රහාරයන්ට ලක්වූ වාහන පැමිණිලි කර තිබෙනවා.

එවැනි ප්‍රහාරයන්ට ලක්වූ වාහන ගණන 12 ඉක්මනවා.එම කඳුගැටය මුදුනේ අධිවේගී මාර්ගය වෙන් කරන කම්බි දැලට එපිටින් සිට මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ කවර අරමුණකින්ද යන්න තවම හෙළිවී නැහැ.


මේ අතර පසුගියදා ගෙන්වූ නවතම වේග සිමා උපකරණ සහිත ලේසර් කැමරා පද්ධතිය අද දිනයේ සිට සක්‍රියව භාවිතයට ගන්න බව වාර්තා වේ.

අධිවේගී මාර්ගයට තවමත් ගැටලුවක්ව පවතින සුනඛයන් හා වෙනත් උරගයන් නිර්වින්දය කර වෙනත් ස්ථාන වලට ගෙනගොස් දැමීමට වෙනම කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටී.






Read more: http://www.gossip9.com/2011/12/blog-post_7023.html#ixzz1gQ8xHlVo

Share this article with your friends