Chitika Smowtion 468x60


Thursday, December 22, 2011

පියයුරු පෙන්නා උද්ඝෝෂණය කල කතුන් බලහත්කරයෙන් නිරුවත් කරලා


උඩුකය නිරුවතින් උද්ඝෝෂණ වල නිරත වන  කාන්තාසංවිධානයක කතුන් තිදෙනෙකු බෙලාරුසියාවේදී පැහැරගෙනගොස් හිංසා කර ඇතැයි වාර්තා වේමෙලෙස හිංසාවට ලක්වඇත්තේ උඩුකය නිරුවතින් උද්ඝෝෂණය කිරීම සිය අවිය කරගත් ෆෙමෙන් නම් යුක්රේන කාන්තා සංවිධානයේසාමාජිකයෙන් තිදෙනෙකි.බෙලාරුසියාවේ මින්ස්ක් අගනුවරපැවති උද්ඝෝෂණයකට සහභාගී වීමෙන් පසුව පැහැරගෙනගොස් ඇති මෙම සාමාජිකාවන් තිදෙනා දෑස් බැඳ කැලෑවකටගෙන ගොස් ඇතැයි ෆෙමෙන් පවසයි.

මොවුන්ව බලහත්කරයෙන් නිරුවත් කොට, පිහි වලින්හිසකෙස් කපා, ඔවුන්ගේ සිරුරු වලට තෙල් වත් කර ඇතිබවත්ඔවුන්ට ගිනි තබන බවට තර්ජනය කර ඇති බවත් ෆෙමෙන් වැඩිදුරටත් පවසයි.මෙමසිද්ධිය වීඩියෝගත කර ඇති බවත්පසුව නිරුවත්ව සිටි මෙම කතුන් ව අත්හැරදමා ගොස්ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් පවසයි.ෆෙමෙන් විසින් ඉදිරිපත් කළ ඇති චෝදනාබෙලාරුසියාවේ ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ අතර, මින්ස්ක් අගනුවර පැවති මෙම උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්06ක් ද අත්අඩංංගුවට ගෙන ඇතැයි ඒ.ඇෆ්.පී. පුවත්සේවය වාර්තා කරයි.2008 දීපිහිටුවාගෙන ඇති ෆෙමෙන් සංවිධානයේ මේ වනවිට තරුණ කාන්තාවන් 300 දෙනෙකුපමණ සිටින අතර, ඔවුන් පවසන්නේ තම දෙවියන් කාන්තාව බවත්තම පරමාර්ථයඋද්ඝෝෂණය කිරීම බවත් තම අවිය නිරුවත් උඩුකය බවත් ය. 
ඔවුන් මේ වන විට උද්ඝෝෂණ රැසක් සිදුකර ඇත.

Share this article with your friends