Chitika Smowtion 468x60


Thursday, December 22, 2011

ශී‍්‍ර ල.නි.ප. ජාතික සංවිධායක පත් කිරීම කල් යයි


පසුගිය 20 වනදා රාති‍්‍රයේ පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාවේදී පුරප්පාඩු වී ඇති එම පක්‍ෂයේ ජාතික සංවිධායක ධූරය සඳහා කෙනෙකු පත් කර ගැනීමට නියමිතව තිබුණද එම තනතුර සඳහා මේ වනවිට කිහිපදෙනෙකුම තරග වැද සිටින හෙයින් ඒ පිළිබඳ අදහස කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කළ බව එම පක්‍ෂ මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ජනාධිපති සොයුරු බැසිල් රාජපක්‍ෂ මහතා සහ එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම, පාරම්පරික ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු වන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම තනතුර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබිණ.
එහෙත්, එක්සත් ජාතික පක්‍ෂයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එක්වූ කි‍්‍රයාකාරී අයෙකු ශ‍්‍රී ල.නි.ප. ජාතික සංවිධායකවරයා ලෙස පත් කිරීම ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක් වූ පිරිස් ධෛර්යමත් කිරීමට හේතු වන බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.


කෙසේ වුවද, එක්සත් ජාතික පක්‍ෂයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එක්වූ පිරිස්වලට එරෙහිව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් මේ මොහොතේ බලවත් විරෝධයක් පැන නැඟී ඇති බැවින් එවැනි තීරණයක් නොගන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන වසරේ දේශපාලනයට එක්වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔහුට පක්‍ෂයේ ජාතික සංවිධායක ධූරය ලබාදීම පක්‍ෂය ශක්තිමත් කිරීමට විශාල පිටුවහලක් මෙන්ම, ජනාධිපතිවරයාගේ දේශපාලන සෞඛ්‍යයටද හිතකර විය හැකි බව අලහප්පෙරුම මහතා එහිදී පැහැදිලි කර දී ඇත.
මෙම තත්ත්වය යටතේ, ජාතික සංවිධායකයා පත් කිරීම තවදුරටත් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.


Source : lankanewsweb.com

Share this article with your friends