දක්‍ෂිණ අධිවේගයේ එන වසරේ මුල සිට බස් රථ
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ප‍්‍රවාහන මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි පළමු අදියර යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ආසන 48 බස් රථ දෙකක් සහ ජාතික ප‍්‍රවාහන සේවා කොමිෂන් සභාවෙන් බස් රථ දෙකක් යෙදවීමට නියමිතය.
මෙම බස් රථ ගමන් වාර හයක් ආවරණය වන පරිදි යෙදවීමට නියමිත අතර කොට්ටාය සිට පින්නදුව දක්වා එක් මඟියෙකුගෙන් රුපියල් 380ක ගාස්තුවක් අය කෙරෙනු ඇත. මුදල් ගෙවා ආසන කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම්ද සපයා දීමට නියමිතය.