Chitika Smowtion 468x60


Monday, January 2, 2012

කැරලිකරුවන් පලවා හැර සෝමවංස බලය ගනී


අද (01) තිස්සමහරාම දෙබර වැව දී පැවති ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ මහ සමුළුවේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ජන අරගල ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී 09 දෙනා ඉවත් කොට නව මධ්‍යම කාරක සභාවක් පත්කරගෙන තිබේ.
එසේ පත් කරගන්නා ලද විසිපස්දෙනකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාව විසින් සාමාජිකයන් 05න් යුත් දේශපාලන මණ්ඩලයක් තෝරාගෙන තිබේ. ඒ අනුව සෝමවංස අමරසිංහ මහතා පක්ෂයේ නායකයා ලෙසත් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රධාන ලේකම් ලෙසත්, විජිත හේරත් මහතා ප‍්‍රචාරක ලේකම් ලෙසත්, ලාල් කාන්ත මහතා පාලක ලේකම් ලෙසත්, අනුර කුමාර දිසානායක මහතා මුදල් ලේකම් ලෙසත් පත්කරගෙන  ඇත. ටිල්වින් සිල්වා මහතාට ප‍්‍රධාන ලේකම් ධූරයට අමතරව අධ්‍යාපන ලේකම් ධුරයද පිරිනමා ඇත.

අද පැවැති සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා නියෝජනය කළ ජනඅරගල ව්‍යාපාරයේ  ප‍්‍රධානීන් 9 දෙනාට ආරාධනා කර තිබුණද ඔවුන් කිසිවකු ඒ සඳහා සහභාගි නොවීය. ඒ අනුව ජන අරගල ව්‍යාපාරය නියෝජනය කළ ජී. කුලරත්න, පුබුදු ජයගොඩ, දිමුතු ආටිගල පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර, වරුණ රාජපක්ෂ, දිමුතු අබේකෝන්, දුමින්ද නාගමුව, සමීර කොස්වත්ත සහ කේ. සුභසිංහ යන අය ජවිපේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ.

අද දහවල් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කැදවා ඔවුන් කියා සිටියේ දෙබරවැව සමුළුව අතිශයින් ප්‍රෝඩාවක් බවයි

කෙසේ වුවද 25ගෙන් යුත් නව මධ්‍යම කාරක සභාවක් අද පැවති සමුළුවේදී නිතරගයෙන් තේරී පත්විය. එසේ පත්කර ගනු ලැබූ මධ්‍යම කාරක සභිකයින් මෙසේය.

සෝමවංස අමරසිංහ, ටිල්වින් සිල්වා, අනුර දිසානායක, විජිත හේරත්, ලාල්කාන්ත, බිමල් රත්නායක, සුනිල් හදුන්නෙත්ති, ජිනදාස කිතුලේගොඩ, නිහාල් ගලප්පත්ති, රමාලිංගම් චන්ද්‍රසේකර්, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, සමන්ත විද්‍යාරත්න, වෛi නලින්ද ජයතිස්ස, මහින්ද ජයසිංහ, ගාමිණී රත්නායක, වසන්ත පියතිස්ස, නීතිඥ සුනිල් වටගල, සමන්මලී ගුණසිංහ, එච්.පී. ධම්මික, චන්ද්‍රිකා අධිකාරී, වසන්ත සමරසිංහ, සමන්ත කෝරලේ ආරච්චි, සුමතිපාල මානවඩු, ඞී.එම්. විජේරත්න සහ සිසිර කුමාර වාහලතන්ත‍්‍රී.
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 01 වෙනි ඉරිදා, 18:26


Source : lankanewsweb.com

Share this article with your friends