Chitika Smowtion 468x60


Monday, January 2, 2012

මිහින්තල විහාරයේ ප‍්‍රතිසංස්කරණයට බාල දැව


2012 වර්ෂයේ අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව මිහින්තලය විහාරයේ සිදු කැරෙන දැවැන්ත ප‍්‍රතිසංස්කරණ කටයුත්තකදී විහාරයේ පොහොය ගෙය පිළිකර කිරීමට යොදා තිබූ දැව ප‍්‍රමිතියෙන් තොරවීම නිසා ඒවා සියල්ලම ගලවා ඉවත් කරන ලෙස මිහින්තල විහාරයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ පසුගිය 19වැනිදා නියෝග කිරීමෙන් අනතුරුව එම දැව ගලවා ඉවත් කර දමා ඇත. මෙම ප‍්‍රතිසංස්කරණ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ටෙන්ඩර් කැඳවා දැව සැපයීම සඳහා මහනුවර ප‍්‍රදේශයේ ටෙන්ඩර්කරුවකුට ටෙන්ඩර් ලබාදී ඇති නමුත් මිහින්තලය විහාරයට සපයා ඇත්තේ අනුරාධපුර ප‍්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් විසින් කපන ලද දැවය. එම අමු දැව ගෙනැවිත් විහාර භූමිය තුළ දී ඉරා විහාරයේ පිළිසකර කිරීම සඳයා යොදාගෙන ඇත්තේ අමු දැවය. 

එම දැව එළය සහිත බවත් අමු දැවවීම හේතුවෙන් ටික කලක් තුළ අව්වට වේලීම නිසා පළුදු විය හැකි බවත් ප‍්‍රකාශ කරමින් විහාරධිපති ස්වාමීන්වහනසේ එම දැව ගලවා ඉවත කරන ලෙස දැනුම් දී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛාවේ අධ්‍යක්ෂකවරයා මිහින්තලයට ගොස් ස්වාමින්වහන්සේ සමඟ සාකච්ඡුා කිරීමට උත්සාහ කළද ප‍්‍රමිතියෙන් තොර දැව ගලවා ඉවත් කරන ලෙසට ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කර ඇත.

අනුරාධපුරයේ විහාරස්ථානවල මේ දිනවල සිදුකැරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදා ගන්නා දැව හොර දැව ජවාරම්කරුවන්ගේ දැව සැපයීම බවත් අනවසර දැව තොග ඒ සඳහා භාවිත කරන බවත් වන ජීවී දෙපාර්තමේන්තුවට පවා ප‍්‍රදේශවාසීන් දන්වා ඇතත් කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැත.

- රාවය
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 01 වෙනි ඉරිදා, 18:13

Share this article with your friends