පසුගියදා පැහැරගෙන ගොස් මුදා හරිනු ලැබූ මර්වින් සිල්වා ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුවන, 'පානදුරේ ඩොනල්' නැමැත්තාගෙන් 'පොලූ උපුල්'සම්බන්ධයෙන්ද දීර්ග වශයෙන් ප්‍රශ්නකර ඇත.
රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම් මෙන්ම, ඉතා ඉහළ වටිනාකමකින් යුතු ඉඩකඩම් වංචනික ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින 'පොලූ උපුල්' මහතා, දික්වැල්ල ප්‍රදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර ඇත.
ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් ණයට මුදල් ලබාගෙන, මර්වින් ඇමතිවරයාගේ බලතල යොදා ගනිමින් එම මුදල් පැහැර හැරීම තිබීම නිසා මොහුව පොලූ උපුල් ලෙසින් හඳුන්වනු ලබයි.
මර්වින් ඇමතිවරයාගේ අනෙකුත් සම්බන්ධීකරණ ලේකම්වරු කිහිප දෙනා හවුල් වී නීති විරෝධී ජාවාරම් සිදු කරනු ලැබුවද, පොලූ උපුල් මෙතෙක් එවැනි ජාවාරම් සිදුකර ඇත්තේ ඇමතිවරයා පමණක් දැනුවත්වය. එහෙයින් මොහු විසින් සිදු කරනු ලැබූ කප්පම් ගැනීමේ ක්‍රියා මෙතෙක් අනාවරණය වී නොතිබුණු බව අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
කෙසේ වුවද, මර්වින් සිල්වා ඇමතිවරයා සමඟ ගැවසුණු ජාවාරම්කරුවන් බොහෝ දෙනෙකු මේ වනවිට සැගවී සිටින අතර 'කොට රංජා' නොහොත් 'පොලී රංජා' මේ දිනවල මර්වින් සිල්වා ඇමතිවරයා මග හැර අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාගේ රැකවරණය යටතේ රැදී සිටී.