සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගෙන නැති බවයි සාමාන්‍යයෙන් දෙමළ නායකයින් අතර පිළිගැනීම තිබුනේ. හුඟක් දෙමල අය හිතන්නේ එයින් සිංහල අධිපත්යයය ප්‍රකාශ වෙනව කියලයි. ඇරත් රනිල්- සම්බන්ධන් දෙන්නා එකතු වෙලා සිංහ කොඩිය ඔසවා ගැනීමෙන් දෙන්නගේ එකඟත්වයක් පෙන්නුම් කලා කියල විවේචනයකුත් ආවා.
නමුත් මේ නායකයින් ඒ ගැන එතරම් කලබල වුනේ නෑ. සම්බන්දන් කිව්වේ සිංහයා කාලි මෑනියන්ගේ වාහනය නිසා මේක දෙමල ජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලයි. කාලා වරෙන්කෝ. ඒක අමුතු කතාවක්. ඒ අනුව සිංහයා ද්‍රවිඩ මහා සම්ප්රදායේ ලකුණක්.
ඒත් මන් කිව්ව අදට නම් ඕක වලංගු නෑ. මොකද අද ජනතාව අතර තියෙන්නේ සිංහයා සිංහල ජාතියේ ලකුණ කියලයි. ඒ නිසා එයින් සිංහල බලයට යට වීමක් ප්‍රකාශ කරනව කියල කියන්න පුළුවන්. කොහොමටත් දෙමල ජනතාවත්, මුස්ලිම් ජනතාවත් සිංහයා යූක්තියේ සංකේතයක් කියල හිතනව නම් වෙන අයට ඒක ප්‍රශ්නයක් වෙන්නත් බෑ.
හැබැයි මේ කවට කම් අස්සේ මට තේරුනේ දැන් මහින්ද සමඟ ගනුදෙනුවකට යොමුවෙමින් තියෙනව කියලයි. මහින්දට තද බලපෑමක් හැම පැත්තෙන්ම එල්ල වෙලා.
ආණ්ඩුවේ වමේ පක්ෂ ගැලවිල වගේ වැඩ කරන්නේ. ඒ අතර ගෝලීය බලවතුන්ගේත් ඉල්ලීම දෙමල ධනපතියන් සමඟ එකඟ වැඩ පිලිවෙලකට යා යුතුයි කියලයි. ඒත් දෙමල ජනතාවට බලය පැවරීමට ගියොත් මහින්දගේ දේශපාලන රටාවම අර්බූදයට යනව. ඒක දැනටමත් පෙනෙන්නට පටන් අරන්.
ඒ නිසා දැන් මහින්දට කරන්නට තියෙන්නේ ලෝකයා රැවටීමේ මහා රඟපෑමක් කරන්න. එක අතකින් දෙමල ජනතාවටත්, වාමාංශික පක්ෂ වලටත් ගෝලීය බලවතුන්ටත් පෙන්වන්න වෙනව පොලිස් බලතල, ඉඩම් බලතල දෙන්නට යනව වගේ. ඒවා ගරු බුහුමන් ඇතුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුල කථා වෙනව කියල පෙන්නන්නත් වෙනව.
අනෙක් අතට ජාතිවාදී බලෙවේග අවුස්සල මහා කැරලිකාරීත්වයක් තියෙනව කියලත් පෙන්නන්න වෙනව. ඒ උඩ වැඩේ කල් දමමින් ඉන්න සැලැස්මක් දාගෙන ඉන්න තමා උන්නැහේ සූදානම් වෙන්නේ. මේකට ඒ විදියටම දෙමල නායකයින් රවට්ටල ජංගි අන්දන්න පුළුවන් වෙයි කියල මන් හිතන්නේ නෑ. ඉංදීය නායකයොත් මොනව හරි දෙනව කිව්වොත් මාරු වෙන්න බලාගෙන ඉන්නේ. දෙමල ධනපති නායකයින්වත් සනසන්න බැරිනම් මහින්දව හුරතල් කරන්න ලෝක බලවතුන් සූදානම් නෑ. මහින්දගේ කුණු උන් කරේ තියාගෙන ඉන්න ලෑස්ති නෑ.
මේ විදයට දෙපැත්ත පිච්චෙන ඉට්පන්දමක තත්ත්වයට දැන් මහින්ද පත් වෙලා තියෙන්නේ. මේ පැත්ත බැළුවහම වැඩ කරන ජනතාව අවි අමෝරාගෙන එනව. අනෙක් පැත්තෙන් ජාතිවාදී බලවේග ආයුධ මුවහත් කරමින් ඉන්නේ. ඊළඟට ලඟ ඉන්න ගෝලීය බලවතුනුත් කරන්නේ සාමය ගැන බලපෑම් කරන එකයි. ඇත්තටම මහින්දගේ ඔළුව පුපුරණ තරමට විවිධ බලපෑම් එල්ල වෙනව ඇති.
රනිල් පැහැදිලිවම බලය ඛෙදිල්ල පැත්තේ දෙමල සංවිධාන සමඟ එකතු වෙලා වැඩ කරගෙන යනව. අනෙක් අතට සමාජ අරගලය උඩ ගෙන ගිය වැඩ පිළිවෙලත් ඉදිරියට ගෙන යන්නට කල්පනා කරනව. රනිල් ඒ ගැන හිත යොමු නොකලොත් ඒක ඊට වඩා වමට යන එකයි වෙන්නේ. එයා ඒක නොදන්නවා නොවේ. ඒ උඩ ජාතිවාදයට විරුද්ධ බලවේග වාසි ගනියි කියල ඔහු හිතන්නේ නෑ. ඔහු හිතන්නේ ඒ වාසිය ගන්න විමල් වීරවංශල මැදිහත් වෙයි කියලයි. මෙහෙම රැඩිකල් වම ගැන අවතක්සේරු කිරීම ධනපති පංතිය කරන ප්‍රබලම වැරැද්දක්.
ඇත්තටම අපට බලය ලැඛෙන්නේ ඔවුන්ගේ මේ අමන කම නිසා. විපක්ෂයේ විරෝධය අඩුවන පරිසරය තුල රැඩිකල් වමක් ඉදිරියට එන්න තියෙන ඉඩ වැඩියි කියලයි මන් හිතන්නේ. කොහොමටත් ආණ්ඩුවට විරුද්ධ සටන වැඩි දියුණු වෙන විට ඒක අත්හැරල ආණ්ඩුව එක්ක සාකච්ඡාවට මුල් තැන දීල යූඇන්පී ය ක්‍රියා කරනව නම් වම හැටියට ජන අරගලය ඉදිරියට ගෙනියන එක අනිවාර්ය කාරනයක්.
එහෙම වුනොත් ආන්ඩුව සමඟ හැපෙන පෙරමුණ හැටියට ජාතිවාදීන් බඩු මිල ප්‍රශ්නයත් ඇද ගෙන ජනතාව මුලා කරන්න පටන් ගනීවි. ඒ ගොඩට ජනතා විමුක්ති පෙරමුණ ඇරුණහම විමල් වීරවංශ ඇමතිතුමාගේ බලවේගය, හෙල උරුමය ආදීන් එකතු උනොත් අමුතු සිවිල් ගැටුමක් සමාජය තුල මතු වෙන්න පුළුවන්.
අවසානයේ දී සමාජ විප්ලවයද නැත්නම් ආණ්ඩුව ජාතිවාදී බලයෙන් තහවුරු කිරීමද යන දෙපැත්තේ එක පැත්තකට යන්න වේවි.
මේ උදා වෙන්නේ එදා ෙජ්.ආර්. යටතේ ඇති වුන ඛෙදීම අලූත් තලයකට යන යුගයක්. එදා ජනතා විමුක්ති පෙරමුණ සිටියේ තහනම් කල පක්ෂයක් හැටියට. ඒ අනුව රහසිගත වැඩ පිළිවෙලකට යන්න බල කෙරුණා. අද ඒවගේ තත්ත්වයක් නැතත් ජාතිවාදී කුමන්ත්රණකාරී වැඩ පිළවෙලක් රජය තුලින්ම මතු වෙන්න පුළුවන්. රජයට පිටින් වගේම රජය තුලත් මේ වැඩ පිළිවෙල දියත් වේවි.
මහින්දට සිදුවෙන්නේ එළිපිට දෙමල නායකයින් සමඟ ඉඩම් පොලිස් බලතල ගැන කථා බහ කරන අතර, අනෙත් පැත්තෙන් මේ ජාතිවාදී කුමන්ත්රණකරුවන් කළමණාකරණය කර ගැනීමටයි. ඇත්තටම ඔහු ඔවුන් උසි ගන්වමින් කල් මැරීමට කටයුතු කරන බවයි මට නම් පෙනෙන්නේ.
මේ ආර්ථීක අසහනයෙන් ඇති වන කැලිකාරීත්වයන් ප්‍රබල ලෙස දියුණු වෙන්න පුළුවන්. මේ අනුව යලි සිවිල් යුද්ධ තත්ත්වයකට රට තල්ලූවෙන එක වලක්වන්න බෑ. යුද්ධයෙන් ප්‍රශ්න විසඳුනේ නැති බව හොඳට පෙනෙන්නේ මේ විදියට තත්ත්වය එලිවෙන කොට. යුද්ධයෙන් ජාතික ප්‍රශ්ණය ජාත්‍යන්තර ප්‍රශ්නයක් විදියට විශාල උනා මිසක විසඳුනේ නෑ. ඒක විශාල අභාග්‍යයක්. දැන් කොටින්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ ගෝලීය බලවතුන්ගේ උපකාර ඇතිව දෙමල ධනපති පංතිය විසින්. ඒක පිළිගන්න තැනට මහින්දත් දැන් පත්වෙලා.
- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
Source - lankanewsweb.com